Tuesday, December 20, 2011

මහරගම පිළිකායතනය අසල කුණු ගොඩවල් - අප ජලය පිරි කාණු

මහරගම විශේෂ වේහැල්ලේ සියතිලක

පිළිකා රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල ඇති තැඹිලි කෝම්බ කසළ ගොඩයි මේ.

මහරගම නගරය සුරම්‍ය නගරයක් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මහරගම පිළිකායතනය අසල අනවසරයෙන් ඉදිකර තිබුණු කඩ ඉවත් කිරීම ඉකුත්දා සිදු කෙරිණි.

පිළිකා රෝහල අභියස ඇති සෞඛ්‍යයට ඉතාමත් අහිතකර පරිසරය හා වට සීමාව එහි සංචාරය කිරීමේදී දැක ගත හැකිවිය.

මෙය ශ්‍රී ලංකාවට ඇති එකම පිළිකායතනයයි. එමනිසා එම රෝහලේ පරිසරය අනෙක් රෝහල්වලටද ආදර්ශවත් විය යුතුයි.

රෝහලේ ප්‍රධාන ගේට්ටුව පේන තෙක් මානයේ රෝහල් තාප්පය අසල ඇති කුණු ගොඩවල් අපද්‍රව්‍ය කාණු රෝහල් තාප්පයට අල්ලා ඇති කුණු කාණුව අපායට නිදසුනකි.

තාප්පය අසල තැඹිලි කෝම්බ පිරී ඇත. සති ගණනකින් ඉවත් නොවූ අප ද්‍රව්‍ය එමටය.

මහරගම සුරම්‍ය පුරයක් කිරීමට පෙර පිළිකා රෝහල් පරිසරය පවිත්‍ර කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් හා රාජාකාරියක් නොවේද ?


රෝහලින් බැහැර කරණු ලබන විසබීජ සහිත අප ජලය ගමට කාන්දුවන ආකාරයයි මේ.
ඡායාරූප :– මහරගම විශේෂ


රෝහලේ දකුණු ගේට්ටුව අසල ඇති ප්‍රධාන අපද්‍රව්‍ය ගලායන කාණු පද්ධතිය මදුරු රජදහනකි.

නවසර ගොඩනැගිලි ඉවත්කළ පමණකින් මහරගම සුරම්‍ය නගරයක් හෝ පිළිකා රෝහල පවිත්‍ර රෝහලක් හෝ නොවනු ඇත.

මේ ආයහපත් තත්ත්වය පිළිබඳව මහරගම නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පිළිකා රෝහල අධිකාරී මණ්ඩලය, පරිසර අධිකාරිය යන ආයතනවල අවධානය යොමුවිය යුතුය.


http://www.dinamina.lk/2011/12/20/_art.asp?fn=r1112201

No comments:

Post a Comment