Tuesday, December 20, 2011

මහනුවර මාර්ග නීති කැඩූ 24,822කගෙන් එක්කෝටි දහහත්ලක්‍ෂයක දඩ

ඉන්දික පොල්කොටුව

මහනුවර නගරය තුළ මෙම වසරේ පළමු මාස දහය තුළ පමණක් මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය පැදවූ පුද්ගලයන් 24,822 කගෙන් රුපියල් එක්කෝටි දහහත්ලක්‍ෂ හැටඅටදහසක දඩ මුදලක් අයකැරගෙන ඇත.

මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය මගින් දඩ කොළ ලබා දීමෙන් මෙම දඩ මුදල් අයකැරගෙන ඇති අතර රථවාහන වැරැදි සම්බන්ධයෙන් පසුගිය මාස දහය ඇතුළත තවත් විශාල පිරිසක් අධිකරණය හමුවට ද ඉදිරිපත් කෙරිණි.

මෙම මාසයේ ගතවූ සති තුන ඇතුළත මාර්ග නීති උල්ලංඝනය කළ තවත් රියැදුරන් 1925 දෙනෙකුගේ රුපියල් නවලක්‍ෂ දසදහස් අටසිය පනහක දඩ මුදලක් අයකැර ගැනීමට මහනුවර පොලිස් රථවාහන ඒකකයට හැකි වී ඇත.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. බී. පෙරමුණේ යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත මහනුවර පොලිස් රථවාහන ඒකකයේ ස්ථානාධිපති පො. ප. ගාමිණී මීගම්මන මහතාගේ මෙහෙයවීමෙන් මාර්ග නීති උල්ලංඝණය කළ රියැදුරනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබිණි.

http://www.dinamina.lk/2011/12/20/_art.asp?fn=n1112206

No comments:

Post a Comment