Tuesday, December 20, 2011

චන්ද්‍රිකා තාක්ෂණයෙන් ධීවරයන්ට කාලගුණ තොරතුරු

ඇමැති රාජිත සේනාරත්න

ධීවර කාර්මිකයන්ට ජාත්‍යන්තර කාලගුණික තත්ත්වයන් පිළිබඳ දින කිහිපයකට පෙර දැනුම් දීමට චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වා දෙන බව ධීවර ජලජ සම්පත් සංවර්ධන ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

ධීවර අමාත්‍යාංශය යටතේ ඇති නාරා ආයතනය මගින් දැනටමත් කාලගුණ තොරතුරු, මත්ස්‍ය ගහණයන් පිළිබඳ තොරතුරු ධීවරයන්ට ලබාදීම සිදුකරන බවද ඇමැතිවරයා කීවේය. පසුගියදා අයහපත් කාලගුණික තත්ත්වය නිසා මියගිය ධීවර කාර්මිකයන්ට සහ හානි වු ධීවර යාත්‍රාවලට කඩිනමින් රක්ෂණ වන්දි ලබාදීමට කටයුතු කරන බව ද මේ සඳහා කඩිනම් වාර්තාවක් කැඳවා ඇතැයි ද ඇමැතිවරයා කීවේය. මෙම ධීවර කාර්මිකයන්ට වන්දි ලබාදීමේදී ඔවුන්ගේ සුළු සුළු අඩුපාඩුකම් නොසලකා හරින ලෙස රක්ෂණ ආයතනවලට දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා කීය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.


http://www.dinamina.lk/2011/12/20/_art.asp?fn=n1112204

No comments:

Post a Comment