නිමල් රාජපක්‍ෂ
පොල් ආශි‍්‍රත කර්මාන්තවල නිරතවූවන් සඳහා රුපියල් ලක්‍ෂ පහක ණය මුදලක් සියයට ශත පනහක පොලිය මත ලබාදීමට පියවර ගෙන ඇතැයි පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.
ඇමැතිවරයා මෙසේ පැවැසුවේ සියඹලාණ්ඩුවේ පසුගියදා පැවැති කප්රුක පුරවර වැඩසටහනට සහභාගි වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා, පොල් වගාවේ නිරතවූවන්ට පමණක් ලබා දෙන මෙම ණය මුදල පිළිබඳ රාජ්‍ය බැංකු සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද, කීවේය. නව කර්මාන්ත ඇතිකිරීම සඳහා කර්මාන්තකරුවනට අවශ්‍ය නවීන තාක්ෂණය හඳුන්වා දිය යුතුය. නවීන තාක්ෂණය පිළිබඳ දැනුම හා පුහුණුව පිළිබඳ වගාවේ නිරතවූවන්ට හා කර්මාන්තකරුවනට අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. පොල් වගාව හා කර්මාන්තකරුවන් නඟාසිටුවීම නව අමාත්‍යාංයේ ප්‍රධාන අරමුණයි. පොල් වගා කළ හැකි සෑම ඉඩමකටම පොල් පැළ දහයක් නොමිලයේ ලබා දෙනවා. දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන මෙම වැඩපිළිවෙළ යටතේ උපරිමය අක්කර පහක ඉඩමක් සඳහා ද නොමිලයේ පොල් පැළ ලබාදීමට පියවර ගෙන ඇතැයි ද කීවේය.
කප්රුක පුරවර වැඩසටහන සනිටුහන් කරමින් පොල් පැළයක් රෝපණය කළ පුෂ්පකුමාර ඇමැතිවරයා, පොල් ආශි‍්‍රත නිෂ්පාදනවල නිරතවූවන් සඳහා සහන ණය යටතේ ඩිමෝ බට්ටා ලොරි රථ ද බෙදා දුන්නේය. පාර්ලිමේන්තු කටයුතු ඇමැතිනී සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ඇමැති කුමාරසිරි රත්නායක, ඌව පළාත් මන්ත්‍රී චන්දන වැලිවිට, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන යන මහත්වරු ඇතුළුව ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
http://www.dinamina.lk/2011/12/20/_art.asp?fn=n1112203
No comments:
Post a Comment