Tuesday, December 20, 2011

දුම්කොළ ගෝලීය උණුසුම ඉහළ නංවයි!


මතුපිටින් දකින්නට ලැබෙන ස්‌වභාවික විපත්වලට නොදෙවැනි, මිනිසා විසින් සිදු කරන්නාවූ මිනිස්‌ හා පාරිසරික විනාශයන් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. ඒ අතර දුම්කොළ වගාව ප්‍රමුඛස්‌ථානයක්‌ ගන්නා වූ විනාශ කාරී ක්‍රියාවලියක්‌ බව ලෝක ප්‍රජාවෙන් බහුතරයක්‌ දැනටමත් අවබෝධ කරගෙන සිටී. එහෙත් දුම්කොළ වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් දිනෙන් දින වැඩිවෙමින් ඇති බවට සාධක ඇත.

ප්‍රතිඵල බිලියන 7 ක්‌ වන ලෝක ජනගහනයෙන් පුද්ගලයන් කෝටි 130 ක්‌ පමණ දුම්කොළ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරනු ඇත. වසරකට ශ්‍රී ලංකාවේ පමණක්‌ පුද්ගලයන් 20000 ක්‌ පමණ දුම්කොළ භාවිතය හේතුවෙන් හටගත් රෝගයකින් පීඩාවට පත්ව මියයන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් අනාවරණය කර තිබේ. දුම්කොළ පරිභෝජනය කරන කෝටි 130 ක්‌ පමණ වන ජනතාවගෙන් මිය නොයන පිරිස ද ජීවිතයෙන් අඩකට වැඩිය මියගොස්‌ ඉතිsරි කොටස දුක්‌ විඳිමින් ජීවිත්වන්නෝ වෙති. ලොව පුරා ජනතාවගෙන් වැඩි පිරිසක්‌ පිළිකා රෝගයට ගොදුරු වී ඇත්තේද සෘජුවම දුම්කොළ පරිභෝජනය කිරීම හා වක්‍රාකාරයෙන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන වූ දුම්වැටි භාවිතය හේතුවෙනි.


Read full article: http://www.divaina.com/2011/12/20/feature04.html

No comments:

Post a Comment