සිව් මසක් තිස්සේ අසනීපව එක්තැන්ව සිටි බෝතලේ වලව්වේ ගාමිණී ඇත් රජු ඊයේ (21) පෙරවරුවේ මිය ගියේ ය.
නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ ඇත් රැලේ අවසන් සාමාජිකයා වූ හැත්තෑ හැවිරිදි ගාමිණී ඇතු අලව්ව කහඹිලියාව වත්තේ ගාල්කර සිටියේ ය.
ඇත් රජු වයෝවෘද්ධභාවය මත අසනීපව සිටියේ ය. ගාමිණි ඇත් පැටවා ගල්ඔය මිටියාවතේ සිටියදී සේනානායක මහතාට හමුවී තිබිණි. මේ ඇතු පසුගිය අගෝස්තු මස 2 වැනිදා නැගිට ගැනීමේ අපහසුවට ලක්වූයෙන් ඇතුගේ පහසුව සඳහා ආධාරක තනවා ආහාර සැපයීමට ඇත් නිලමේ ඒ.විපුලසේන 75 මහතා පියවර ගෙන තිබිණි.
මහනුවර ශ්‍රී දළදා පෙරහරේ පෙරමුණේ හා දෑලේද කටයුතු කර ඇති බෝතලේ ගාමිණී අවස්ථා කිහිපයකදී සිරි දළදා කරඬුව වැඩමවීමේ දුර්ලභ වරමටද හිමිකම් කියූ ඇත් රජෙකි.
කෝට්ටේ, බෙල්ලන්විල, පඬුවස්නුවර, දඹදෙණිය, රත්නපුර සමන් දේවාලය, නවගමුව දේවාලය, අලුත්නුවර, මුන්නේශ්වරම් දෙවොල, ගාමිණී ඇතු සහභාගිව සධාතුක කරඬුව වැඩමවූ පෙරහර කිහිපයකි.
ඇතුගේ වත්මන් අයිතිය ඩී.ඇස්.මුනුබුරු දේවින්ද සේනානායක මහතාට හිමිව තිබිණි. බෝතලේ සේනානායක පරපුරේ වන්දනාමානයට පාත්‍රවූ සර්වඥ ධාතූන් සහිත කරඬුව පූජා කිරීම නිමිත්තෙන් සිදු කෙරෙන බෝතලේ පෙරහරේ මෙතෙක් පැවති පෙරහැර 26 න් 23 ක දීම එම සධාතුක කරඬුව වැඩමවීම සිදු කෙරුනේද ගාමිණි ඇත් රජු විසිනි. මිල්ලන්ගොඩ රාජාගේ අභාවයෙන් පසුව දිවයිනේ සිටි වයස්ගතම හීලෑ ඇතා ලෙස සලකනු ලැබූයේ බෝතලේ වලව්වේ ගාමිණී ඇත් රජුය.
http://www.dinamina.lk/2011/12/22/_art.asp?fn=n1112229

No comments:
Post a Comment