මහින්ද අලුත්ගෙදර
මේ වසරේ තෙවැනි කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 8.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රටේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව මෙම වර්ධනය කරා ළඟා වී තිබෙන අතර එම දළ දේශීය නිෂ්පාදිතයේ විශාලම දායකත්වය සේවා අංශයෙන් බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.
සේවා අංශයේ දායකත්වය සියයට 59.2 ක් වන අතර කර්මාන්ත අංශයෙන් සියයට 29.1 ක්ද කෘෂිකර්ම අංශයෙන් සියයට 11.7 ක්ද මේ සඳහා දායක වී ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.
මේ වසරේ තෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 14.47ක් වන බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සඳහා සේවා අංශයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 8.53ක් බවද කර්මාන්ත අංශයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 4.21ක් බවද කියා සිටී. ඊට අමතරව කෘෂිකර්ම අංශයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.73 කි.
තෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.67ක් බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව ආනයනයන්ගේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 5.18ක් බවද පවසයි.
විශේෂයෙන්ම ගොඩනැඟිලි ද්‍රව්‍ය, වාහන, යන්ත්‍රසූත්‍ර හා අනෙකුත් උපකරණ සම්බන්ධයෙන් වන ආනයනයන් වෙනුවෙන් වැයවූ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.24 කි.
http://www.dinamina.lk/2011/12/22/_art.asp?fn=n1112225
No comments:
Post a Comment