බණ්‌ඩාරගම - බී. එස්. ජයසිංහ
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවක් ලබන වසර මුල සිට ආරම්භ කිරීමට නියමිතව ඇතැයි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂක මෙහෙයුම් කළමනාකාර බී. ඒ. කේ. බණ්‌ඩාර මහතා පැවසීය.
ලංකා ගමනාගමන මණ්‌ඩලයේ හා ජාතික ප්‍රවාහන සේවා කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් (19 දා) මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඒ මහතා පැවසීය.
එහි ප්‍රථම අදියර යටතේ ලංකා ගමනාගමන මණ්‌ඩලයෙන් බස් රථ දෙකක් සහ ජාතික ප්‍රවාහන සේවා කොමිෂන් සභාවෙන් බස් රථ දෙකක් යෙදවීමටත් එය ගමන්වාර හයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇත.
කොට්‌ටාව සිට ගාල්ල දක්‌වා මගියකුගෙන් රුපියල් තුන්සිය අසූවක ගාස්‌තුවක් අය කිරීමටත් කලින් මුදල් ගෙවා ආසන වෙන්කරවා ගැනීමටත් මෙහිදී තීරණය විය.
කොට්‌ටාව සිට ගාල්ල දක්‌වා ඇති පිවිසුම් මාර්ගවලට එම බස් රථ මගීන් ගැනීම සඳහා පැමිණීම එහි සිටින මගීන්ගේ ඉල්ලීම මත සිදු වේ.
ආසන හතළිස් අටේ බස් රථ මාර්ගයේ ධාවනයේ යෙදවීමටත් සියලු මගීන්ගේ ආරක්‍ෂාව සඳහා උපරිම වශයෙන් කටයුතු සැලසීමද මෙහිදී සාකච්ඡාවට ලක්‌වී ඇත.
http://www.divaina.com/2011/12/22/news13.html
No comments:
Post a Comment