කොච්චිකඩේ මා ඔයට සම්බන්ධ ඇළකින් අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටි ස්ථානයක් වැටලීම් කළ අයුරු
ඡායාරූපය කොච්චිකඩේ විශේෂ
මීගමුව පොලිසියේ ක්‍රියාත්මක වන කොට්ඨාස පාරිසරික ඒකකය පැසසිය යුතුය. 2010 අගෝස්තු මස ආරම්භ කළ එම ඒකකය මගින් ජනජීවිතය සාර්ථක කර ගැනීමට විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කර තිබේ.
පරිසර දූෂණය වැළැක්වීම, පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීම වැළැක්වීම, නගර අලංකාර කරණය, වායු දූෂණය, ශබ්ද දූෂණය, අපවිත්‍ර ජලය බැහැර කිරීම, ස්වභාවික විපත් වලින් ජනතාව බේරා ගැනීමට කටයුතු කිරීම, ඩෙංගු මර්දන ව්‍යාපෘති, අනවසර ඉදිකිරීම්, අනවසර කැණීම්, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරපාන නිෂ්පාදනය, විකිණීම ඇතුළු මහජන පීඩාවන්ට ගැනෙන සෑම සිදුවීමක් කෙරෙහිම මේ ඒකකයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලබයි.
මෙවැනි බොහෝ දේ ගැන ජනතාව දැනුම්වත් කිරීමට පත්‍රිකා හා දේශන මගින්ද උපදෙස් දීමද කරනු ලබයි.
උපදෙස් පිළිනොගෙන පරිසර නීති උල්ලංඝණය කරන අයට නීති මගින් කටයුතු කිරීමද සිදු කරයි. 2010 වර්ෂයේදී නඩු 187ක්ද 2011 වර්ෂයේදී නඩු 145 ක්ද මේ පරිසර ඒකකය මගින් සිදු කර තිබේ.
මීගමුව කොට්ඨාස පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති, මීගමුව පොලිස් අධිකාරී ආනන්ද ප්‍රනාන්දු, මහත්වරුන්ගේ උපදෙස් පිට මීගමු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හල්ලව මහතාගේ අධීක්ෂණය යටතේ මේ ඒකකයේ වැඩ කටයුතු සාර්ථකව පත්වාගෙන යයි.
http://www.dinamina.lk/2011/12/22/_art.asp?fn=r1112222
No comments:
Post a Comment