Friday, December 23, 2011

ලාබ ලැබූ ආයතනවල සේවකයන්ට ‘බෝනස්’

ධනුෂ්ක ගොඩකුඹුර සහ චමීර ඇල්ලදෙණිය

රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් හි සේවකයන්ට 2011 වර්ෂය සඳහා වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ වසරේ ලාභ උපයා ඇති ආයතන සේවකයන්ට රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ගෙවීමට නියමිත ය.

පැමිණීම හා කාර්ය සාධන පදනම් කරගත් වෙනත් දිරි දිමනා ගෙවන ලාභ ලබන ආයතන සේවකයින්ට රුපියල් 7500ක් ලබා දීමට තීරණය කර ඇත.

මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ යෝජනාව අනුව රාජ්‍ය සංස්්ථා හා පූර්ණ ලෙස රජය සතු සමාගම් සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

පාඩු ලබන ආයතන සේවකයන්ට රුපියල් 1000ක දිරි දීමනාවක් ගෙවන අතර, පාඩුව අවම කරගත් ආයතන සේවකයන්ට රුපියල් 2000ක ප්‍රසාද දීමනාවක් ගෙවීමට නියමිතය.

වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීමේ ප්‍රතිපත්තියක් දැනටමත් යෝජනා කර ඇති අතර, ඒ පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණෙන තෙක් 2010 වසරේ ප්‍රසාද දීමනා ගෙවූ ආකාරයට මෙම වසරේ ද ප්‍රසාද දීමනා ලබා දීමට තීරණය කර තිබේ.


http://www.dinamina.lk/2011/12/23/_art.asp?fn=n1112233

No comments:

Post a Comment