නිමල් විජේසිංහ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ
මන්නාරම දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ දී අක්කර 46000 ක වී වගා කෙරේ. කලාපය තුළ මෙවැනි මහ පරිමාණ වී වගා කිරීමක් සිදු වනුයේ වසර තිස් දෙකකට පමණ පසුව බව මන්නාරම ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු පාලිත වික්‍රමතිලක මහතා පැවසීය.
මන්නාරම මුරුගන්හි යෝධ වැව අගතිමුරිප්පු සහ වියාදිකුලම් මහ වැව් යටතේ මෙවර පිළිවෙළින් අක්කර 30,000, 6000 සහ අක්කර 4000 ක මුළුමනින්ම වී වගා කර ඇතැයි ද සෑම වැවක්ම වාන් මට්ටමට පිරී ඉතිරී ගොස් තිබෙන බවද වික්‍රමතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. 2011 / 2012 මාස් කන්නය තුළ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අපේක්‍ෂිත අස්වැන්න බුසල් 69,00,000 කි.
මන්නාරම යෝධ වැව හා එහි එල්ලංගාවට ජලය සැපයෙන ප්‍රධාන ජල මූලාශ්‍රය මල්වතු ඔය යි. ලබන පෙබරවාරි මාසය තුළ අනුරාධපුර මන්නාරම දිස්ත්‍රික් මායිමේ තන්තිරිමලයට ඔබ්බෙන් අක්කර අඩි 1,50,000 ක ජල ධාරිතාවයකින් හෙබි පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මූලික විධිවිධාන යොදා ගෙන යන බවද ඔහු අනාවරණය කළේය.
මේ අතර මෙවර මාස් කන්නයේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අපේක්‍ෂිත වී අස්වනු අලෙවි කිරීමේ පහසුකම් සලසාදීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා අදාළ අංශවලට කල්තියාම උපදෙස් දී තිබේ. පසුගිය මාසයේ මන්නාරම ප්‍රදේශයේ මධ්‍යම පරිමාණ වී මෝල් තුනක් අමාත්‍යවරයා අතින් විවෘත කෙරුණි.
http://www.dinamina.lk/2011/12/23/_art.asp?fn=n1112239
No comments:
Post a Comment