Monday, December 19, 2011

Karapitiya heart unit issue (2 items)

කරාපිටිය රෝහලේ තවත් හදවත් රෝගියෙක්‌ මියයයි

ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල

සැත්කමකට භාජන කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද හා උරස්‌ ශල්‍ය ඒකකයේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියකු මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ මාගාල්ල ගංගාරාම මාවතේ පදිංචිකරුවකු වන නිෂාල් තිවංක නමැති විසි එක්‌ හැවිරිදි තරුණයෙකි. හෘද හා උරස්‌ ශල්‍ය ඒකකයේ ශල්‍යාගාරවලට විෂ බීජයක්‌ පැතිර යැම නිසා හදවත් සැත්කම් කටයුතු දැනට මාසයක පමණ සිට නතරකොට ඇත.

මෙම ඒකකය නවීකරණය කිරීමෙන් පසු ඔක්‌තෝබර් මස 20 වැනිදා සැත්කම් කටයුතු ආරම්භ කළ අතර සැත්කම් ආරම්භ කොට මාසයක්‌ වැනි කාලයක්‌ තුළදී හදවත් සැත්කම්වලට භාජන කළ රෝගීන් සිව් දෙනකු මියගොස්‌ තිබේ. ඉන් රෝගීන් දෙදෙනකු මියගොස්‌ ඇත්තේ සැත්කම්වලින් පසු විෂ බීජයක්‌ ශරීරගත වීම නිසාය.

දැනට මෙම ස්‌ථානයේ සැත්කම්වලට භාජන කිරීම සඳහා නේවාසිකව සිටින රෝගීන්ද වාට්‌ටුවෙන් බැහැරව යන අතර හදවත් සැත්කම් සඳහා රෝගීන් හත්සියයකට අධික සංඛ්‍යාවක්‌ ලියාපදිංචි වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වසරේ මෙම ඒකකය තුළ හදවත් සැත්කම් කිරීමට හැකි වී ඇත්තේ මාස තුනක්‌ පමණි. දිනකට මෙහි හදවත් සැත්කම් හතරක්‌ පහක්‌ පමණ සිදුකෙරේ. වසරකට අඩුම තරමින් හදවත් සැත්කම් දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ කරාපිටිය රෝහලේ සිදුකෙරේ.


http://www.divaina.com/2011/12/19/news03.html


Another death at troubled Karapitiya heart unit

By Lalith Chaminda and S.K. Kaluarachchi

Another in-door patient awaiting surgery, at the troubled Karapitiya Cardio-Thoracic surgical unit in Galle, died yesterday.

The victim was identified as Nishal Thivanka (21) of Gangarama Road, Magalle.

All operations have been halted at this unit for about a month due to the entry of a dangerous germ.

After the unit was modernized it was reopened for heart surgery on October 20, but within one month of its reopening four of the operated patients died, with two of them dying due to the entry of a germ.

Although about 700 patients requiring heart surgery are on its waiting list, even the warded patients awaiting heart surgery have begun to leave the hospital. The hospital normally carries out at least 1,000 heart operations per year, but this year it had been functioning only for about three months at the rate of four to five per day.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=41493

No comments:

Post a Comment