බණ්ඩාරගම බිමල් එස්. ජයසිංහ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිදැල්ලේ ගැවසුණු සුනඛයින් නිර්වින්දනය කර ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සුනඛ සංගම්වල ඉල්ලීම මත අත්හැරීමට සිදුවූ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂක (මෙහෙයුම්) බී. ඩී. කේ. බණ්ඩාර මහතා පැවසීය.
පසුගිය සිකුරාදා (16) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම වැඩපිළිවෙළ සුනඛ සංගම්වල ඉල්ලීම මත අත් හැරියත් අධිවේගී මාර්ගයෙහි වාහන පදවන්නන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති සුනඛයින් එම මාර්ගයට පැමිණීම වැළැක්වීම සඳහා දෙපස දැල් ආවරණවල ඉඩ ඇති ස්ථාන හා වතුර බැස යන බෝක්කු ආදියට පොළොව මට්ටමේ සිට දැල් ආවරණ ගසා මෙම මස 25 වැනි දිනට ප්‍රථම අධිවේගී මාර්ගයෙහි වාහන පදවන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ඒ මහතා පැවසීය.
මාර්ගයට පිවිසෙන ඇටිකුකුලන්, මයිනන් හා කෑරලුන් වාහනවල වැදීමෙන් අනතුරට ලක්වීම අවම කර ගත හැකි වන්නේ කිලෝමීටර් සියයක වේගයෙන් හා වඩා කල්පනාකාරීව වාහනය පැදවුවහොත් පමණක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
http://www.dinamina.lk/2011/12/19/_art.asp?fn=n1112194
No comments:
Post a Comment