Saturday, November 5, 2011

ඇමැති බලා සිටිය දී දළ පූට්‌ටුවා ගුටිකයි

සීගිරිය - සරත් එරමිණිගම්මන

වෙඩි වැදීමකින් සිදුවූ තුවාල සහිතව කලා වැව රක්‍ෂිතයේ ප්‍රතිකාර ලබමින් සිටින ගල්ගමුවේ දළ පූට්‌ටුවාට එම රක්‍ෂිතයේ සිටින වෙනත් අලින් දෙදෙනකු විසින් ඊයේ (03 වැනිදා) අවස්‌ථා කීපයකදී පහර දී ඇත.

පශු වෛද්‍යවරුන්ගේ කැපවීම මත දින හතරක්‌ තිස්‌සේ ප්‍රතිකාර ලබන ඇතාගේ තත්ත්වය සොයා බැලීමට කලාවැව රක්‍ෂිතයට පැමිණි වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පහරදීම් සියෑසින් දැක තිබේ.

ඇතාට පහරදුන් වල් අලින් දෙදෙනා පලවා හැරීමට උපදෙස්‌ දුන් ඇමැතිවරයා ඇතා පිළිබඳව විශේෂ අවධානයෙන් සිට ආරක්‍ෂාව සපයන ලෙසද වනජීවී නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. පසුගිය දා කැකිරාව නගරයේ මහා කලබැගෑනියක්‌ ඇති කළේ මෙම දළ පූට්‌ටුවාය.

http://www.divaina.com/2011/11/04/news33.html

1 comment:

  1. This makes us to think about the "acceptance" of the translocated animals (some times the rogue ones) by others in their own habitat...

    Such reactions may have some impact of the returns (many) of such rogues to their original habitat.

    ReplyDelete