මහින්ද චින්තනය යටතේ මෙරට ඉදිකරන විශාලතම ජල විදුලි බල ව්‍යාපෘතිය වන ඉහළ කොත්මලේ ව්‍යාපෘතියට සම්බන්ධ ජලාශයට ජලය පිරවීම පසුගිය බ්‍රහස්පතින්දා උදේ ඇරැඹිණි. එහිදී සිදුවූ වැදගත්ම සිදුවීම වන්නේ ජලාශය පිරවීම ආරම්භ වී පැය 12 ක් ඇතුළත ඉහළ කොත්මලේ ජලාශය වාන් දමන තත්ත්වයට පිරී යාම බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව ඝන මීටර් ලක්ෂ 8 ක ධාරිතාවක් සහිත අක්කර 65 ක් පුරා විසුරුණු තලවකැලේ ඉදිවුණු ඉහළ කොත්මලේ ව්‍යාපෘතියේ ජලාශය ජලයෙන් පිරීයාම බ්‍රහස්පතින්දා රාත්‍රී 9.59 ට සිදුවිය.
ඉන් පසුව තලවකැලේ සිට නියම්ගම්දොර දක්වා ජලය ගෙන යන කිලෝමීටර් 13 ක් දිග මෙරට විශාලතම හා දිගම උමගටත් දැන් ජලය පුරවන බවත් පැය 12 ට යාමටත් පෙර ඉහළ කොත්මලේ ජලාශය වාන් දැමීමට හැකිවීම ව්‍යාපෘති සැලසුම්වල දක්ෂතාව බවත් ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා කියයි.
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයෙන් මෙගා වොට් 150 ක විදුලියක් ලබන ජනවාරි මාසයේ සිට නිපදවීමට යෝජිතය.
ජපන් ආධාර ඇතිව මහින්ද චින්තනය යටතේ රුපියල් කෝටි 5300 ක වියදමින් ඉදිවූ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ වැඩ කටයුතුවලින් සියයට 97 ක් පමණ දැනට අවසන් කර තිබෙනු එහි සංචාරයේ යෙදුණු අපට දැකගත හැකි විය.
වේල්ලේ, සියලු උමං මාර්ගවල, භූගත විදුලි බලාගාරයේ හා ජලාශ ප්‍රදේශයේ සියලු වැඩ කටයුතු අවසන් කර තිබේ. නියම්ගම්දොර ඉදිවන ජල විදුලි බලාගාරයෙන් නිපදවන විදුලි බලය ජාතික විදුලිබල පද්ධතියට එක්කරන විදුලි බල සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයේ කටයුතුත්, විදුලි බලය සම්පේ‍්‍රෂණය කරන විදුලි බල මාර්ගයේ කටයුතුත් දැන් අවසන් වෙමින් පවතී.
ඉහළ කොත්මලේ උමගට හා ජලාශයට ජලය පිරවීමට පෙර එහි සංචාරයක යෙදුණු අවසන් මාධ්‍ය කණ්ඩායම ලෙස අපට ප්‍රධාන උමගේ අවසන් පිරිසුදු කිරීම් හා ජලාශයේ ඉදිකර ඇති උමගට ජලය ගෙනයන ගේට්ටු හා ජලාශය පතුලේ ඇති ඉදිකිරීම් ද මනාව දැකගන්නට ලැබුණි.
සේයාරුව - උත්පල සුමිත්‍රආරච්චි
http://www.silumina.lk/2011/12/18/_art.asp?fn=aa1112183

No comments:
Post a Comment