Sunday, December 18, 2011

නාය අනතුරු කලින් දැනගන්න ප්‍රතිරෝධක යන්ත්‍රයක්

බණ්ඩාර පිලවල

දිවයිනේ වරින් වර නාය යෑමට හසුවන දිස්ත්‍රික්ක දහයක පර්යේෂණ කටයුතු සාර්ථකව සිදුකැරලීම සඳහා රජය මඟින් මිලියන දාසයක මුදලක් වැය කැර ප්‍රතිරෝධ යන්ත්‍රයක් මිලදීගෙන ඇත.

දැනට නාය යාමට හසුවී ඇති දිස්ත්‍රික්ක දහයට මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කළුතර හා හම්බන්තොට අයත්වේ.

මෙම යන්ත්‍රය මඟින් නාය යෑමට හසුවන ප්‍රදේශ හඳුනාගැනීමෙන් අනතුරුව එම දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් ආරක්ෂක ස්ථාන සොයා පදිංචි කැරවීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එන්.බණ්ඩාර මහතා පවසයි.


http://www.silumina.lk/2011/12/18/_art.asp?fn=aa1112185

No comments:

Post a Comment