Sunday, December 18, 2011

සමුපකාර සහ සමාජසේවා අමාත්‍යාංශ එක්‌කෝටි හැටලක්‍ෂයකට වාහන දෙකක්‌ අරන්!

අජිත් අලහකෝන්

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයත්, සමාජසේවා අමාත්‍යාංශයත් වාහන දෙකක්‌ මිලට ගැනීමට රුපියල් එක්‌කෝටි හැටලක්‍ෂයක ප්‍රතිපාදන ලබාගත් බව දන්වමින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

එම අමාත්‍යාංශ දෙක වාහන දෙකකට එවැනි මුදලක්‌ වැය කරද්දී සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වාහන පහක්‌ මිලට ගැනීම සඳහා වැයකර තිබෙන්නේ රුපියල් එක්‌කෝටි දශලක්‍ෂයක්‌ පමණි.

මේ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් පසුගියදා අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම් යන මැයෙන් ලේඛනයක්‌ ඉදිරිපත් කර ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය මෙම වාහනය මිලට ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ අසූවක්‌ ද, සමාජ සේවා අමාත්‍යාංශය වාහනය මිලට ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ අසූවක්‌ ද ප්‍රතිපාදන ලෙස වෙන්කරගෙන තිබේ.

එහෙත් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වාහන පහක්‌ සඳහාම වෙන්කර ගෙන තිබෙන්නේ එක්‌කෝටි දශලක්‍ෂයකි. ඒ අනුව එම අමාත්‍යාංශය එක්‌ වාහනයක්‌ වෙනුවෙන් වැය කර තිබෙන්නේ රුපියල් ලක්‍ෂ 22 ක්‌ බව අදාළ ලේඛනය අනුව පැහැදිලිවේ.


http://www.divaina.com/2011/12/18/news03.html

No comments:

Post a Comment