සමන් ගමගේ
මිල්කෝ සමාගම සතුව තිබූ සියලු මූල්‍ය වත්කම් ඇපයට තබා රුපියල් මිලියන හාරසිය පනහක් වැය කරමින් සමාගම් පාලනාධිකාරිය කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර දෙකක් ආනයනය කිරීමේ ගනුදෙනුවක් හේතුවෙන් මේ වන විට ආයතනය බරපතල මූල්‍ය අර්බුදයකට මැදිවී තිබෙන බව එහි සේවකයෝ පවසති.
ආනයනය කිරීමෙන් පසු මෙම යන්ත්‍ර දෙක මෙරටට ගැලපෙන පරිදි සකස් කිරීම සඳහා පමණක් ආදාළ නිෂ්පාදන සමාගමට ගෙවා තිබෙන මුදල රුපියල් කෝටියකටත් අධික වේ.
පින්ලන්ත සමාගමකින් ගෙන්වූ එම යන්ත්‍ර සඳහා ඉන්දියාවේ පිහිටි ආයතනයක් වෙත ණයවර ලිපි නිකුත් කිරීමේ සිදුවීමක්‌ද මෙම ගනුදෙනුවේදී සිදුව ඇතැයිද එම සේවකයෝ පවසති.
ආයතයේ තිබූ කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර සමුපූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කිරි නිෂ්පාදනයක් රට තුළ නොමැතිව තවත් විශාල යන්ත්‍ර දෙකක් මෙසේ ආනයනය කිරීමෙන් මේ වන විට මිල්කෝ ආයතනයේ සෙසු නිෂ්පාදන නතර කර දමන තත්ත්වයක් උදාවී වී තිබෙන බවද ඔවුහු කියා සිටිති.
මෙරටට ගැලපෙන මෙවැනි යන්ත්‍ර දෙකක් ඉන්දියාවෙන් හෝ චීනයෙන් රුපියල් මිලියන 250 හෝ 300 මුදලකට ගෙන්වීමට අවස්‌ථාව තිබියදී අදාළ යන්ත්‍ර දෙක සඳහා සමාගම් පාලනාධිකාරිය පින්ලන්ත සමාගමට රුපියල් මිලියන 450 ක් වැය කිරීමද එහි සේවකයනට බරපතල ගැටලුවක් වී තිබේ.
මෙම යන්ත්‍ර දෙක ආනයනය කර ඇත්තේ මීට පෙර අවස්‌ථාවකදි මිල්කෝ ආයතනයට යෝගට් නිෂ්පාදන යන්ත්‍රයක් ඉල්ලුම් කිරීමේදී ඒ වෙනුවට අයිස්‌ක්‍රීම් නිෂ්පාදන යන්ත්‍රයක් මෙරටට එවා අධිකරණය දක්‌ව ගිය ගණුදෙනුවකට සම්බන්ධ සමාගමක් මගිනි.
මේ සම්බන්ධයෙන් අප මිල්කෝ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කර සිටියේ අදාළ යන්ත්‍ර දෙක ගෙන්විමේ ගනුදෙනුව සිදුව ඇත්තේ කැබිනට් මණ්‌ඩල අනුමැතියක් සහිතව බවකි.
එසේම රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමිමේ අරමුණ සහිතව එකී යන්ත්‍ර ආනයන කිරීම සිදු කළ බවද සභාපතිවරයා කියා සිටියේය.
http://www.divaina.com/2011/12/18/news06.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Sunday, December 18, 2011
කිරිපැකට් යන්ත්‍ර දෙකක් මිලියන 450 කට ගෙන්වලා - මිල්කෝ සමාගම මුල්‍ය අර්බුදයක!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment