Sunday, December 18, 2011

ප්ලාස්‌ටික්‌ මහත්තුරු පැරැද්දූ ගෝනි හටන

උඳුවප් සිසිලත් සමග ජනතාව උත්සව සමයට සැරසෙද්දී රටම ගිනියම් කරවමින් රජය කරලියට ගෙන ආ එළවළු පළතුරු ප්‍රවාහනයේදී භාවිතයට අනිවාර්ය කෙරුණු ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නීතිය දැන් එක්‌ මාසයකින් ආපස්‌සට ගොස්‌ තිබේ.

ඒද නිකම්ම නොව මෙකී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් අස්‌සේ සිර කර ප්‍රවාහනයට තීරණය වී තිබූ එළවළු වර්ග හයකට හිමිවූ ජනාධිපති පොදු සමාවක්‌ද සමගිනි.

ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නීතිය බල ගැන්වීමත් සමග රට පුරා නැගෙන්නට වූ ගොවි සහ වෙළෙඳ උද්ඝෝෂණය හේතුවෙන් ඉකුත් 14 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී සියලු පාර්ශ්ව කැඳවා කෙරුණු සාකච්ඡාවකදී එම තීරණය ගැනිණි.


Read full article: http://www.divaina.com/2011/12/18/feature12.html

No comments:

Post a Comment