වනජීවී නිලධාරීන්ට වාහන හා පහසුකම් නැතිලු
සේනක ඉලංගකෝන් - මහගල්කඩවල
ගල්ගමුව හා ඒ අවට ගම්මාන රාශියක මේ දිනවල සැරිසරන වල් අලි රංචුවක් නිසා ගොවීන්ගේ ජන ජීවිතවලට හා වගාවන්ට විශාල තර්ජනයක් එල්ල වී ඇත.
මහගල්කඩවල, සියඹලන්ගමුව, මීගලෑව, සෙනරත්ගම, ජයලන්ද, අමුනුකොලේ ආදී ගම්මානවලට මෙන්ම ගල්ගමුව නගරයටද මේ දිනවල රාත්‍රි කාලයට මෙන්ම දිවා කාලයේදී ද වල් අලි පැමිණීම නිසා ජීවිත පවා අවිනිශ්චිත තත්ත්වයක පවතී. පසුගිය දිනක සියඹලන්ගමුව ජනපදයේ දෙදෙනකුට වල් අලි පහරදීම නිසා ඔවුන් මේ වන විටත් රෝහල් ගත කර ඇත. ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ගොවීන්ගේ නිවාස, දේපළ මෙන්ම ඔවුන්ගේ වගාවන්ද විනාශ කරන වල් අලි පලවා හැරීමට කිසිදු ක්‍රමවේදයක් මේ වන විටත් ක්‍රියාත්මක නැතැයි ඔවුන් චෝදනා කර සිටී. වී සහ හේන් වගාවන්ට අමතරව පොල්, කෙසෙල්, දොඩම් වැනි වගාවන්ද මේ වන විටත් විනාශ කර ඇතැයි ගොවීහු මැසිවිලි නඟති. දිවා කාලයේ පවා ගැවසෙන වල් අලි නිසා ගම්මුන් කැලෑ බද මාර්ගවල ගමනා ගමනය පවා නවතා දමා ඇත. මේ පිළිබඳව ගම්මුන් ගල්ගමුව හා මීගලෑව වනජීවී කාර්යාල වෙත පැමිණිලි කළද නිලධාරීන් හරි හැටි පිළියමක් යොදා නැතැයිද ඔවහු චෝදනා කර සිටිති.
මේ සම්බන්ධයෙන් අප වනජීවී නිලධාරීන්ගෙන් කරුණු විමසීමට ගියද ඔවුහු මාධ්‍ය සඳහා ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියහ. නමුදු අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ වනජීවී නිලධාරීන්ට අවශ්‍ය වාහන හා උපකරණවල හිඟයක් පවතින බවත්, ප්‍රදේශ කිහිපයක වල් අලි උවදුර සඳහා එක් වාහනයක් මදි බවත්, තිබෙන වාහනය අබලන් බවත්ය. අලි වෙඩි සහ ප්‍රමාණවත් නිලධාරීන් නොමැති බවත් මේ හේතුව නිසා මුළු ප්‍රදේශයම හරි හැටි ආවරණය කිරීමට නොහැකිවීමත් මෙකී වල් අලි උවදුර උග්‍රවීමට ආසන්නම හේතුව වී ඇතැයිද දැන ගැනීමට ලැබිණි. ආසන්නම දිස්‌ත්‍රික්‌කයේ සිටින වනජීවී අමාත්‍යවරයාගේ අවධානය වහා මේ සඳහා යොමු විය යුතු වන්නේ යෑයිද ගම්මු පැවසූහ.
http://www.divaina.com/2011/12/19/provin02.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Monday, December 19, 2011
ගල්ගමුව හා අවට ගම්වලට වල් අලි තර්ජනයක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment