Sunday, December 4, 2011

අධිවේගයේ විනය රැකීමට පොලිසියෙන් ක්‍රම හතරක්

අමල් යශෝමන් ජයසිංහ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නොසැලකිලිමත්ව රිය ධාවනය කිරීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී තිබීම හේතුවෙන් මාර්ග නීති කඩ කරන රියැදුරන්ට එරෙහිව පොලිසිය විසින් සිව් වැදෑරුම් නීතිමය වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

මේ වනවිට අධිවේගී මාර්ගයේ දී රිය අනතුරු හතරක් සිදුවී ඇති අතර බීමත්ව රිය පැදවීමෙන් එක් අනතුරක් සිදුවී ඇති බව පොලිසිය කියයි. මෙම මාර්ගයේ වේග සීමාව 100 ඉක්මවා යමින් ධාවනයේ යෙදෙන්නන් අල්ලා ගැනීම සඳහා මාර්ගයේ පරිගණක පද්ධතියට අමතරව ලේසර් උපකරණ ද භාවිතයට ගැනීමට සූදානම් වෙයි.

මාර්ගයට ප්‍රවේශ වීමේදී බීමත්ව සිටින අය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර මාර්ග සංඥා නොසළකා ධාවනයේ යෙදෙන්නන් හා පරිසරයට කසළ බැහැර කරන අය ද නීතියේ රැහැනට ගනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවැසීය.


http://www.silumina.lk/2011/12/04/_art.asp?fn=aa11120411

No comments:

Post a Comment