Sunday, December 4, 2011

වැඩිම අනතුරු යතුරු පැදියෙන්

තාරක වික්‍රමසේකර

මෙරට සිදුවන රිය අනතුරුවලින් වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන්නේ යතුරු පැදිකරුවන් නිසා බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පවසයි.

මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා කාලයේදී මාස හයකදී රිය අනතුරු 20713 ක් සිදුව ඇති අතර ඉන් යතුරු පැදි අනතුරු 4737 ක් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 23% ක් පමණ වන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙය ආසන්න වශයෙන් දිනකට අනතුරු 27 ක් පමණ වේ.

මෙම යතුරු පැදි අනතුරුවලින් 364 ක් මාරක අනතුරු වන අතර 1138 ක් බරපතළ අනතුරු ලෙසත් 2173 ක් සුළු තුවාල අනතුරු ලෙසත් 1062 අලාභ හානි සිදුවූ අනතුරු ලෙසත් වාර්තා වී ඇත. මේ වසරේ ජනවාරි මස සිට මැයි මස අවසානය දක්වා වූ මාස 5 ක කාලය තුළදී යතුරු පැදි අනතුරුවලින් පදිකයින් පමණක් 375 දෙනකු මියගොස් ඇතැයි ද ඇමැතිවරයා කීය.


http://www.silumina.lk/2011/12/04/_art.asp?fn=aa11120412

No comments:

Post a Comment