2012 National Geographic ඡායාරූප තරගයට තේරී ඇති
ලලිත්ගේ ඡායාරූපය - යාල වනෝද්‍යානය
රියර් අද්මිරාල් ලලිත් ඒකනායක නාවික හමුදාවේ වෛද්‍යවරයෙකු මෙන්ම එහි වෛද්‍ය අධ්‍යක්‍ෂවරයාද වේ. එහෙත් ඔහු අප වඩාත්ම හොඳින්ම හඳුනන්නේ ප්‍රකට හා ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි. පරිසරවේදියකු හා පරිසර ගවේශකයකු ලෙසිනි. ඔහුගේ පා පහස ලත් අප රටේ ඇතැම් ස්‌ථානවලට තවමත් වෙනත් වනජීවී ඡායාරූප ශිල්පීන්ට ප්‍රවේශවීමටත් නොහැකිවී ඇති අතර, වන සතුන්ගේ පරිසරයේ චමත්කාරය සොයා ඔහු නොගිය වනෝද්‍යානයක් ලොවේ නැති තරම්ය. එහෙත් ඔහු තමන් උපන් මව්බිමේ හෙවත් ශ්‍රී ලංකාව නම් අපගේ මෙම රම්‍ය දිවයිනේ වන සතුන් ගැනද, පරිසරය ගැනද කතාකරන්නේ මහත් භක්‌තියකින් හා ආදරයකිනි. ඒ අතුරින්ද ඔහු වනජීවී ඡායාරූපකරණයට අත්පොත තැබු යාල වනෝද්‍යානයට දක්‌වන්නේ ළබැඳි සෙනෙහසකි. වසර 15 ක් 20 ක් තිස්‌සේ යාල වනෝද්‍යානයේ සැරිසරන ඔහු යාල අභිමානය ලොවට ගෙනගියා පමණක් නොව පියවරෙන් පියවර කලින් කලට යාල වනෝද්‍යානයට හා එහි සතා සිව්පාවට සිදුවන අවහිර බාධක, විනාශයන් සංවේදීව දකින්නෙකි. විශේෂයෙන්ම යුද්ධයේ නිමාවත්, සංචාරක කර්මාන්තයේ පිබිදීමත් සමඟ යාල වනෝද්‍යානයේ පැවැත්මට හා අනාගතයට සිදුවෙමින් පවතින තර්ජනය ගැන ඔහු මෙසේ හඬ අවදිකරන්නේ තමන් යාල වනෝද්‍යානයෙන් ලැබූ දැට කෘතගුණ දැක්‌වීමක් වශයෙන් හා ශ්‍රී ලංකාවේ වනජීවීන්ගේ ආරක්‍ෂාව ගැන බලධාරීන් අවදිකරනු පිණිසය.
"යාල වනේද්‍යානය වනජීවී ක්‍ෂේත්‍රයේම මුදුන් මල්කඩයි. යාල ගැන කතා නොකර අපට ලංකාවේ වනජීවීන් ගැන හෝ ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන කතා කරන්න බැහැ. හරියට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩවන දළදා මාළිගාව වගේම වනජීවී ක්‍ෂේත්‍රයේ මුදුන්මල්කඩ යාලයි. එය අපි රැකගත යුතුයි. ඒත් දැන් යාල ජාතික වනෝද්‍යානය පත්වෙමින් තිබෙන තත්ත්වය කනගාටු දායකයි. දශක එකහමාරක් දෙකක් මමත් යාල වනෝද්‍යානයේ ස්‌ථීර සංචාරකයෙක්. ගවේශකයෙක් වගේම වනජීවී ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. ඒත් යාල වනෝද්‍යානය සීඝ්‍රයෙන් විනාශය කරා ඇදී යනවා. උද්‍යානය තුළ විනය පිරිහිලා. ජාත්‍යන්තර මට්‌ටමේ වනෝද්‍යානයක් වුවත් එහි වනජීවී සංරක්‍ෂණ නීතිරීති ක්‍රියාත්මක වෙන්නේ නෑ. සතුන්ට සිදුවන අවහිරතා වැඩියි. මේ නිසා සංරක්‍ෂණය පහත වැටිලා. සංචාරක ව්‍යාපාරයට වැඩි තැනක් දුන්නත් ඒ කටයුතුවලත් පිළිවෙළක් නැහැ. සංචාරක පහසුකම් නැහැ. අඩුම තරමේ ජාත්‍යන්තර ලෙස වැදගත් මේ උද්‍යානයේ උද්‍යාන පාලකවරයාට රාජකාරි කරන්න තරම් උචිත ලෙස තැනූ කාර්යාලයක්‌වත් නැහැ. සංචාරකයින් දැනුවත් කරන්න ඔවුන්ට උද්‍යානය තුළ හැසිරෙන විදිහ ගැන දැනුවත් වෙන්න ක්‍රමයක් නැහැ. මාර්ගෝපදේශකයන්ගේ දැනුම වැඩි කරන්න, ඔවුන්ට හොඳ පුහුණුවක් දෙන්න කටයුතු කර නැහැ. උද්‍යානය තුළ වේග සීමා පවත්වාගෙන යන්න, රැඳී සිටින වේලාවන් යනාදිය වගේම අසීමිත වාහන ප්‍රමාණයක් ඇතුල්කිරීමත් අද යාල උද්‍යානයට බරපතල ප්‍රශ්නයක් වෙලා" යෑයි රියර් අද්මිරාල් ලලිත් ඒකනායක පවසයි. ඒකනායක මහතා පවසන පරිදි යාල වනෝද්‍යානයේ තත්ත්වය උසස් කිරීම සඳහාත් වන සත්ව සංරක්‍ෂණයට මුලිකත්වය දී සංචාරක සේවාව විධිමත්ව පවත්වාගෙන යැම සඳහාත් ඔහු කරන යෝජනා මෙවැනිය.
යාල ජාතික වනෝද්‍යානය ලෝකප්‍රකට වූවකි. ඒ මෙය ලොව ඇති පැරැණිතම වනෝද්‍යානයක් නිසාම නොවේ. ලෝකයේ දිවියන් (ශ්‍රී ලංකානු දිවියා හෙවත් කොටියා) පහසුවෙන්ම දැක බලාගත හැකි වනෝද්‍යාන අතරින් ඉහළින්ම ඇත්තේ යාල වනෝද්‍යානයයි. එය බීබීසී ආයතනය පවා පිළිගත් කාරණයකි. එහෙත් මෙය ලොවේ ඇති කුඩා වනෝද්‍යානයකි. යාල කලාප පහකින් සමන්විත වුවද සංචාරකයන්ට වෙන්කර ඇත්තේ වර්ග කිලෝමීටර් 60 ක් තරම් වපසරියකින් යුත් කලාප අංක එක කොටස පමණි. මෙහි ජෛව විවිධත්වය ඉතා ඉහළය. වනගහනය මෙන්ම වන සතුන්ද මෙහි වැඩිය. ලෝකයේ දැකගැනීමට අපහසු දිවියන් (කොටියන්) මෙන්ම වළසුන්ද මෙහිදී දැකගත හැකිය. එනිසාම ලංකාවේ සංචාරකයින් අතරද, ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් අතරද, යාල තරම් ආකර්ෂණයට ලක්‌වූ තවත් වනේද්‍යානයක් නැත. එහෙත් එම ආකර්ෂණයම දැන් වනෝද්‍යානයේ පිරිහීමට හේතුවක් වී ඇත. මෙම කුඩා වනෝද්‍යානයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වාහන ඇතුල්වීම අද විශාල තර්ජනයකි. ඇතැම් සති අන්තවල වාහන 150-200-300 ප්‍රමාණයක් උද්‍යානය තුළට ඇතුල් කරන බව වාර්තා වේ. එහිදී එමගින් නැගෙන ශබ්දය, වායු දූෂණය, අවහිරය සතුන්ගේ පැවැත්මට කෙතරම් දරුණු හා නරක අයුරින් බලපාන්නේද? මේ නිසා වහාම යාල වනෝද්‍යානයට ඇතුල් කරන වාහනවලට සීමාවක් පැනවිය. යුතුමය. ලලිත් ඒකනායකගේ අභිමතයයි. ඔහු ජාත්‍යන්තර තලයේ වනෝද්‍යාන හා යාල සසඳන්නේ මේ අයුරිනි.
ඉන්දියාවේ "රන්තැම්බෝර්" වනෝද්‍යානය මෙවන් ලොව ප්‍රකට වනෝද්‍යානයකි. එහි කලාප හයක් වේ. එහෙත් මෙහි එක් කලාපයකට දිනකට ඇතුල්කරනු ලබන්නේ වාහන 35 ක් පමණි. ඒද පෙට්‍රල් වාහන පමණි. එනිසා දිනපතා, පාසල් නිවාඩුවලදී යාලට එන වාහන සංගණනය කළ යුතු අතර පාසල් නිවාඩු සමයේදී විශේෂයෙන්ම වාහන සීමාවකට ලක්‌කළ යුතුය. යාලට ලැබෙන ආදායම ගැන හා මිනිසුන්ගේ හිත් සතුටු කිරීමට වඩා වන සතුන්ගේ සංරක්‍ෂණය ඉතා වැදගත් බව මෙරට වනජීවී සංරක්‍ෂකයින් තේරුම් ගත යුතුය. පළමුව වනජීවීන් ආරක්‍ෂාකොට, දෙවැනියට මුදල් ඉපයීමයි කළ යුතුව ඇත්තේ. සංචාරකයන්ගේ හිත් සතුටු වුනත් නැතත් වාහන සීමාවක් වහාම පැනවිය යුතුය. නමුත් අද සිදුවන්නේ කතරගමත්, වටවන්දනාවේ ගිය අයත් ඕනෑ ඕනෑ වෙලාවට යාලට පැමිණීමයි. ඔවුන් බහුතරය ස්‌ථීර ලෙසම යාලට එන අයවලුන් නොවේ. එනිසා වාහන සීමාවක් පැනවීම වනසතුන්ගේ පැත්තෙන් හා යාල වනෝද්‍යානයේ ආරක්‍ෂාවට කරන දිගු කාලීන ආයෝජනයකි. අවම තරමින් වාහන සීමා කිරීම අප්‍රේල්, අගෝස්‌තු, දෙසැම්බර් මාසවල දී උදේ 10 දවස් 2 අතරවත් ක්‍රියාවට නැගිය යුතුයි. මන්ද උදේ හා හවස සතුන් ගැවසෙන වේලාව නිසා දහවලේදීවත් උන්ට නිදහසක් ලබාදීම අවශ්‍යය නිසාය. එනම්, වාහන සංගණනයක් කර සමස්‌ත වශයෙන් උද්‍යානයට ඇතුල් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම හෝ උදේ - 10 දහවල් 2 අතරවත් වාහන ඇතුල් නොකිරීම යන යෝජනා දෙක මම වන සංරක්‍ෂණ බලධාරීන්ට යෝජනා කර සිටින්නට කැමැතියි.
2008 වසර දක්‌වා සම්මතයක් ලෙස දිගටම උද්‍යානය උග්‍ර නියඟ කාලයේදී මාසයක් පමණ වසා දැමීමක් සිදු කළා. සතුන්ට සිදුවන අවහිරතා සහ උද්‍යානයේ සංවර්ධන කටයුතු යනාදිය සඳහාත් මෙය වැදගත්. ඒත් ඇතැමුන්ගේ පටු අවශ්‍යතා සහ උද්‍යානයෙන් උපරිම ලාභ උපයාගැනීම සඳහා දැන් අගෝස්‌තු - සැප්තැම්බර් අතර කාලයේ එසේ වසා දැමු උද්‍යානය දැන් වසන්නේ නෑ. මේක සත්ත්ව හිංසන තත්ත්වයත් ලෙසයි මම දකින්නේ. මොකද ඒ කාලයේදී උද්‍යානයේ ජලපෝෂක තත්ත්වය ඉතාම දුර්වලයි. සතුන්ට බොන්න වතුර නැහැ. උන් වතුරවළවල් හොයාගෙන යනවා වතුර බොන්න. සමහර සත්තු මිය යනවා. මෙවන් තත්ත්වයක් තුළ වාහන ඇතුල් කිරීම, සංචාරකයින් පැමිණීම මොනතරම් අවහිරතාවක්‌ද? සතුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයක්‌ද? අපට නිදහසක්, නිවාඩුවක් වගේම සතුන්ටත් ඒ නිදහස අවශ්‍යයි. එනිසා වහාම පෙර පැවැති විදිහට නියඟ කාලයේදී උද්‍යානය වසා දැමීමට ක්‍රියාකළ යුතුයි. අද මෙය සිදුවන්නේ නැහැ. කාගේ අවශ්‍යතාවකටද? අපට වැදගත් වන්නේ සතුන්ගේ ආරක්‍ෂාව නොවේද ලලිත් ඒකනායක පවසයි.
ඒ වගේම තමයි වාහන සීමා කළ යුතු වගේම, අලුතෙන් උද්‍යානය තුළ ප්‍රවේශමාර්ග තැනීමත්, ප්‍රවේශ දොරටු ඇතිකිරීමත්, නතර කළ යුතුයි. දැන් තියන පාරවල් වගේම කටගමුව, පළටුපාන ප්‍රවේශ දොරටු දෙක හොඳටම යාලට ප්‍රමාණවත්. සංචාරක බංගලා හතක් සහ කඳවුරු බිම් සෑහෙන පමණටත් වඩා උද්‍යානයේ තියෙනවා. අලුතෙන් තවත් ඉදිකළ යුතු නැහැ. ලෝකයේ මෙවන් කුඩා, ජෛව විවිධත්වයෙන් වැඩි වනෝද්‍යාන තුළ සංචාරක නිවහන්, කඳවුරුබිම් කොහොමටත් නැහැ. අපි කියන්නේ අලුතෙන් තවත් අවශ්‍ය නැහැ කියන එකයි.
උද්‍යානය තුළ විනය පිරිහීම තවත් ප්‍රධාන ගැටලුවක් බව ඒකනායක මහතා කියයි. ඒ සඳහා ඔහු උදාහරණ ලෙස ගන්නේ මෙසේය.
යාල ජාත්‍යන්තර මට්‌ටමේ උද්‍යානයක් වුවත් කෙහෙද මේ උද්‍යානය ගැන නීති මාලාවක් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මග පෙන්වන්නන් කියන දේ තමයි සංචාරකයා අහන්න ඕන. ඒත් උද්‍යානයට ප්‍රවිශ්ඨවීමට ප්‍රථම මේ කාරණා සහිත පුවරුවක් ප්‍රදර්ශනය කළ යුතුයි. සියලු භාෂාවලින් මේ ගැන සටහන් කළ උපදෙස් පත්‍රිකාවක් සෑම සංචාරකයකුටම ප්‍රවේශපත සමඟ නිකුත් කිරීම සිදුකළ යුතුයි. එතකොට උද්‍යානයේ සැබෑ තත්ත්වය සංචාරකයා දන්නවා. ඒත් ඒක තාම සිදුවන්නේ නෑ. උද්‍යානය තුළ සංචාරකයින් හැසිරෙන හැටි. පිළිපැදිය යුතු නීතිරීති වගේම ශබ්දවාහිනී. මත්පැන්, දුම්වැටි භාවිතය තහනම්වීමත් වාහන නළා හැඬවීම තහනම් බවත් සංචාරකයන් දන්නැහැ වගේම, ඇතැම් මගපෙන්වන්නන්ද වාහනයේ ඉඳගෙන සිගරට් උරනවා දැකගත හැකියි. උද්‍යානය තුළ වේග සීමා පැනවිය යුතු වගේම ඒවා ප්‍රදර්ශනය කළ යුතුයි. යාලට එන හැමෝම හොයන්නේ දිවියා. ජීප් රථ කරුවන් (සෆාරි) තමන්ගෙ සංචාරකයන්ට දිවියන් පෙන්වන්න දඟලන්නෙ තරගෙට. දිවි ඉන්න තැන් ගැන ජංගම දුරකථනවලින් කතාකර කර ජීප් රථ කරුවන් තරගයට ජීප් රථ උද්‍යානය තුළ පදවනවා. ඇතැම් අය 60 - 70 වඩා වේගයෙන් ජීප්රථ ගෙනියනවා. ඒ නිසා විය හැකියි. මෑතකදී දිවියෙක් ජීප් රථයක හැපී මියගියේ. මීට පෙරත් මෙවන් මරණ වාර්තා වුණා. වන සතුන්ට ආදරය කරන ඔවුන්ව ඡායාරූපයට නඟන, ඔවුන්ගේ හැඩරුව ලෝකයට පෙන්වන අපට මේවා ගැන විශාල වේදනාවක් තියෙනවා. "ලලිත් ඒකනායක" කියයි.
සෆාරි වාහනවල ප්‍රමිතිය හා බස්‌රථ ඇතුළු කිරීම
යාල උද්‍යානය නිසා සෆාරි ජීප්රථකරුවන් රැසක් ආදායම් ලබනවා. ඔවුන් සංචාරක පහසුකම් සපයන්නන් වගේම, උද්‍යානයෙන් යෑපෙන්නන් නිස උද්‍යානය රැක ගැනීමත් වනජීවීන් රැකගැනීමත් ඔවුන්ගේ විශාල වගකීමක්. ඒත් අද යාල තියන සෆාරි ජීප්රථ බොහෝමයක් ප්‍රමිතියෙන් තොරයි. පරිසර දූෂණය (දුම නිසා) ශබ්දය, කැඩුණු අබලන් වාහන නිසා සංචාරකයන්ට හා වන සතුන්ට ජීවිත අවදානම වැඩියි. ඒ නිසා අවම ප්‍රමිතියකින්වත් මේ ජීප්රථ තිබිය යුතුයි. නැතහොත් තහනම් කළ යුතුයි. ප්‍රමිතිය වගේම ජීප්රථ ලියාපදිංචියත් රියදුරන්ට වලංගු රියදුරු බලපත්‍රයක්‌ද තිබිය යුතුය.
බස් රථ (දොර දෙකේ පවා) උද්‍යානයට ඇතුල් කිරීම බරපතල වරදකි. ඇතැම් බස් නාමපුවරු සහිතව උද්‍යාන තුළ ගමන් කරනු පෙනේ. මෙය ලෝකයේ කිසිදු උද්‍යානයක සිදු නොකෙරෙන ක්‍රියාවකි. බස්‌රථ ඇතුළු කිරීම වහාම තහනම් කළ යුතුය. මෙය උද්‍යානයේ තත්ත්වයට වගේම වනජීවී ආරක්‍ෂාවට දැඩි තර්ජනයකි. සංචාරක නඩ සඳහා ගමන් පහසුව සැලසීම වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමකි. ඉන්දියාවේ නම් මේ සඳහා තැනූ හරිත වර්ණ, අඩු ශබ්දය ඇති විවෘත ටිපර් වැනි රථ භාවිත කෙරේ. මෙය ලංකාවේත් ක්‍රියාත්මක කළ යුතු අතර වනජීවී දෙපාර්තමේන්තුවට මෙවන් වාහන ලබාදිය යුතුය.
මාර්ගෝපදේශක අඩුපාඩු
මාර්ගෝපදේශකයා යාල වනෝද්‍යානයේත් රටේත් වනජීවී සංරක්‍ෂණ තත්ත්වය හා උද්‍යානයේ ආඩම්බරය ලොවට ගෙනයන පුද්ගලයාය එහෙත් අපගේ මාර්ගෝපදේශකයන් දැනුවත් බවින් සතුටුදායක තත්ත්වයක නැත. ඔවුන්ට වැඩිදුර අධ්‍යාපනය ලාබාදී නැත. ප්‍රියමනාප කතාව, ඔවුන්ට අත්‍යාවශ්‍ය දෙයකි. මේ සඳහා චෝදනා තිබේ. ඔවුන්ට වැඩමුළු හා මූලික දැනුම විද්‍යාත්මකව ලබාදිය යුතුය. ඇතැම්විට මාර්ගෝපදේශකයන් නැතැයි කියා ජීප්රථ රියෑදුරන් තනිව (තම අභිමතය පරිදි) ජීප්රථ රැගෙන යනු දක්‌නට ලැබේ. එහිදී දැඩිසේ උද්‍යාන නීති උල්ලංඝනය වේ. දිවියන් ජීප්රථවල ගැටෙන්න්නේ මෙවන් අවස්‌ථාවලදීය. මාර්ගෝපදේශකයන්ට සුදුසු නිල ඇඳුමක් නැති වීම විශාල අඩුපාඩුවකි. රාජකාරි නිල ඇඳුම මාර්ගෝපදේශක කාර්යයට කිසිසේත් නොගැලපේ. එවන් නිල ඇඳුම, දෘඪ සපත්තු ඔහු පමණක් නොව සංචාරක නඩයම අප්‍රසන්නතාවට පත්කරයි. කළ යුතුව ඇත්තේ අපවැනි ඝර්ම කලාපීය රටකට ගැලපෙන සේ හරිත වර්ණ, වැදගත් පිළිවෙළක් සහිත සහ යාල උද්‍යානයේ අනන්‍යතාව කියෑවෙන ටී ෂර්ටයක් සහ කොට කලිසමක්‌ද, කැන්වස් වැනි සපත්තු යුගලක්‌ද සහිත චාම් සැහැල්ලු නිල ඇඳුමක් මාර්ගෝපදේශකයාට ලබාදීමයි. ලෝකයේ සෑම වනෝද්‍යානයකම පාහේ තත්ත්වය එහෙමය. එහෙත් ලොවක් පිළිගත් යාල තත්ත්වය කෙතරම් කනගාටු දායකද.
අවසන් වශයෙන් කිව හැක්‌කේ යාල උද්‍යානයේ දොරටුව කාර්යාල සංකීර්ණය අසලම ස්‌ථාපිත කිරීමත් සංචාරක පහසුකම් දියුණු කිරීමත් කළ යුතුව ඇති බවය. ලොවක් පිළිගත් උද්‍යානයක් තුළ පිරිසිදු හොඳ තත්ත්වයේ වැසිකිළි පද්ධතියක්‌වත් නැත. වාහන රථගාලක්, සංචාරකයන්ට ගිමන් නිවීමට තැනක්. ආහාර ගැනීමට හොඳ තත්ත්වයේ ආපන ශාලාවක්, කෞතුකාගාරයක් නිර්මාණය කළ නොහැක්‌කේ ඇයි ? ඕනෑ තරම් පරිත්‍යාගශීලීන් මේ සඳහා දායකත්වය සපයාවි. එහෙත් ඒ සඳහා බලධාරීන් මූලිකත්වය නොගන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි. අවම තරමින් ලොවක් පිළිගත් මේ උද්‍යානයේ උද්‍යාන පාලකවරයා සිටින ස්‌ථානය බලන්න. එය ඉතා කුඩා කාමරයකි. ඔහුගේ අභිමානය, ඔහුගේ තරම වෙනුවෙන් කාර්යාල සංකීර්ණයක ඉතා හොඳ කාර්යාලයක් යාලට තිබිය යුතුය.
එසේම උද්‍යාන පාලකවරයා දිනකට සැරයක්‌වත් උද්‍යානය තුළට සංචාරය කොට අප පෙර කිව් අඩුපාඩු තත්ත්වය සොයා බැලිය යුතුය. මේ සියල්ල අප කතා කරන්නේ යාල වනෝද්‍යානය රැක ගැනීඹ සඳහා වන දීර්ඝකාලීන ආයෝජකයන් වෙනුවෙනි. යාල වනෝද්‍යානයට විශේෂයෙන්ම සීමාන්තරික කලාපයක් (මිනිසුන්ගෙන්, හෝටල්වලින්, ගෙවල් ඉඩකඩකම් වලින් තොර) අත්‍යාවශ්‍යම දෙයකි. එය උද්‍යානයේ ආරක්‍ෂාවේ ප්‍රධානතම අවශ්‍යතාවකි. සෆාරි ජීප්කරුවන් වැනි අය උද්‍යානයේ සංරක්‍ෂණ කාර්යයන්ට බාහිරින් දායක කරගත යුතුය. මේවා මගින් උද්‍යානය දිගුකල් රැකේ. හෝටල්, සෆාරි සේවා ස්‌ථාවර වේ. සියල්ලටත් වඩා වන සතුන්ගේ පැවැත්මට හොඳ කලක් උදාවේ. එසේ නොවුණහොත් තවත් ඉතා නොබෝ කලකින්ම උද්‍යානය අප කාහටවත් අහිමිවිය හැකිය. දැන් ඇති ප්‍රවණතාව එසේය. යාලෙන් අසිරිය උකහාගත් අයකු ලෙස මට මේවා නොකියා සිටිය නොහැකිය. යාලට අප ණය ගැතිය. එනිසා යාල රැකගත යුතුය. වහාම යාල රැකගැනීම සඳහා ක්‍රියාත්මකවන්න මා වනජීවී බලධාරීන්ගෙන්ද එසේ ඉල්ලා සිටින්නට කැමැතියෑයි රියර් අද්මිරාල් ලලිත් ඒකනායක පවසයි.
(මතු සම්බන්ධයි...)
සාකච්ඡා කළේ
ජගත් කණහැරආරච්චි
ඡායාරූප
රියර් අද්මිරාල් ලලිත් ඒකනායක
ඔහුගේ වෙබ් අඩවිය
www.lalithphotography.com

No comments:
Post a Comment