බුද්ධිකා ඉඹුලාන
ලබන වසරේ සිට ධීවර කාර්මික රක්ෂණය අනිවාර්ය කෙරේ. මෙම රක්ෂණ ආවරණය ලබා නොගන්නා ධීවරයනට එරෙහිව නීති තදින් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. රක්‍ෂණ ආවරණයක් නොමැති ධීවර කාර්මිකයන් රැකියාවෙහි නිරත ධීවර යාත්‍රාවන්හි ලියාපදිංචියද අහෝසිකරන බව ඇමැතිවරයා පවසයි.
ධීවර සම්මේලනය හරහා මෙම රක්ෂණ ක්‍රමය සඳහා දායකවීමට ධීවරයනට හැකියාව ලැබෙන අතර ඒ පිළිබඳව දැනුවත් කිරීම දිස්ත්‍රික් ධීවර ව්‍යාප්ති නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික් ධීවර සම්මේලනය හරහාද සිදු කරන බවද ඇමැතිවරයා පවසයි. මෙම ධීවර රක්ෂණ ක්‍රමය මගින් හදිසි ආපදාවකදී රුපියල් ලක්‍ෂ 1 - 3 දක්වා වන්දි හිමිවන අතර එම පවුලේ සාමාජිකයන්ට මෙම රක්ෂණයේදී විශේෂ ප්‍රතිලාභද හිමි වෙයි.
පසුගියදා දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුවු හදිසි ආපදා තත්ත්වයන්හිදී විපතටපත් නිසා මියගිය ධීවර කාර්මිකයන්ට වන්දි ගෙවීමට හෝ සහන සැලසීමට දුෂ්කර වී ඇත්තේ ඔවුන් කිසිවකුත් මෙම රක්ෂණ ක්‍රමයට දායක වී නැති නිසා බවද ඇමැතිවරයා කියයි. ඊයේ (20) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය.
http://www.dinamina.lk/2011/12/21/_art.asp?fn=n1112219
No comments:
Post a Comment