තුෂාරී කළුබෝවිල
අධික වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 24 ක් පිරී ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, පරාක්‍රම සමුද්‍රය ජලාශ ද, ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කන්තලේ, මහදිවුල්වැව, වෙන්ඩ්‍රසන්, වාන් ඇළ ජලාශ ද අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මාන්නක්‌කච්චිය, මහකනදරාව, මහා විලච්චිය ජලාශ ද අම්පාරේ
රොම්ටෙයි, පන්නල්ගම ජලාශ ද, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ බඳගිරිය, වීරවිල, තිස්‌ස ජලාශ ද මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ඇතිමලේ, මුතුකණ්‌ඩිය, හඳපානාගල ජලාශ ද මන්නාරම යෝධ වැව ද මෙසේ වාන් දමන්නට පටන්ගෙන තිබේ.
අනුරාධපුරයේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කර ඇති අතර නාච්චදූව ජලාශයේ දොරටු 6 ක් ද වාහල්කඩ ජලාශයේ දොරටු 3 ක්‌ද විවෘත කර ඇත.
මේ හේතුවෙන් මෙම ජලාශ ආශ්‍රිත පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබේ.
http://www.divaina.com/2011/12/22/news05.html
ජනවාරියේ සිට මේ දක්‌වා මඩකලපුවට මි. මී. 3291.9 ක වර්ෂාපතනයක්
මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ මෙම වසරේ ජනවාරියේ පටන් දෙසැම්බර් 20 වැනි දින උදේ 8.30 දක්‌වා මි. මීටර් 3291.9 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බවට දිස්‌ත්‍රික් කාලගුණ විද්‍යා මධ්‍යස්‌ථාන නිලධාරි ඒ. එම්. සාල්හින් පැවැසීය.
මේ අතර ඉදිරි පැය 24 ඇතුළත නැඟෙනහිරට අඛණ්‌ඩව වර්ෂාව පැවැතීමට ඉඩ ඇති බවත් මුහුද රළුව පවතින බවත් ඔහු පැවැසීය. මඩකලපුව - ජවුµර් කාන්
http://www.divaina.com/2011/12/22/provin01.html
උතුර පළාතට අධික වැසි වැව් 88 ක් පිටාර ගලයි
පවුල් 1369 ක් සුබසාධන මධ්‍යස්‌ථාන 27 කට
මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්
අයහපත් කාලගුණික තත්ත්වය මත උතුරු පළාතට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. මෙම තත්ත්වය මත කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ පවුල් 1369 කට අයත් සාමාජිකයන් 4957 ක් අවතැන් වී සුබ සාධන මධ්‍යස්‌ථාන 27 ක රැඳී සිටින බව කිළිනොච්චිය දිසාපතිනි රූපවතී කේදිෂ්වරන් මහත්මිය "දිවයින" ට පැවැසුවාය. එමෙන්ම ඉරණමඩු, කල්මඩුකුලම්, අක්‌කරායන්කුලම් ඇතුළු වැව් 40 කට අධික ප්‍රමාණයක් මේ වන විට පිටාර ගලමින් පවතී
වවුනියාව දිස්‌ත්‍රික්‌කයේද මේ වන විට වැව් 48 ක් ද පිටාර ගැලීමට පටන් ගෙන තිබේ. වැව් පිටාර ගැලීම හේතු කොට ගෙන මෙම ප්‍රදේශවල කුඹුරු අක්‌කර 1300 කට අධික ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබේ. එමෙන්ම මුලතිව් හා මන්නාරම් යන දිස්‌ත්‍රික්‌කයන්වලට ද පවතින අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. ඊයේ වන විටත් මෙම ප්‍රදේශවල වැව් විශාල ප්‍රමාණයක් පිටාර ගැලීමට පටන් ගෙන තිබිණි.
http://www.divaina.com/2011/12/22/provin02.html

No comments:
Post a Comment