Monday, April 2, 2012

පාන්පිටි යළි රු. 8කින් ඉහළ දමන ලකුණු

ගයාත්‍රී ගීගනආරච්චි

පාන්පිටි මිල යළි වැඩිකිරීම කෙරෙහි ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් අවධානය යොමු කර තිබේ. රුපියල අවප්‍රමාණය වීම සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මත මෙලෙස යළිත් පිටි මිල වැඩි කිරීම කෙරෙහි එම සමාගම් අවධානය යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දීමට බලා‍පොරොත්තු වන බව ද එම සමාගම් පවසයි. පාන්පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 8 න් ඉහළ නැංවීමට නියමිත බව එම සමාගම් ආරංචි මාර්ග අනාවරණය කළේය. දැනට වෙළෙඳපළේ පාන්පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 89 ට අලෙවි වේ.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2740:---8---&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment