Monday, April 2, 2012

අවුරුදු සමයේදී එළවළු මිල පහළ මට්ටමක පවතී

ගයාත්‍රි ගීගනආරච්චි

පිටකොටුවේ මැනිං වෙළෙඳ සංගමය කියයි

එළැඹෙන අලුත් අවුරුදු සමයේදී ද එළවළු මිල ගණන් පහළ මට්ටමක පවතිනු ඇතැයි පිටකොටුව මැනිං තොග වෙළෙඳ සංගමය පවසයි.


තවමත් ලැබෙන එළවළු අස්වැන්නේ ඉහළ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මේ තත්ත්වය මත ඉදිරි දිනවලදී ද එළවළු මිල ගණන් පහත වැටෙණු ඇති බවත් මැනිං තොග වෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා “ලක්බිම”ට ප්‍රකාශ කළේය. එළවළු ගොවීන්ට ‍පොහොර සහනාධාරය ලබාදීම හේතුවෙන් මෙලෙස මෙවර ලැබුණ එළවළු අස්වැන්න වැඩිවී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.


ඊයේ (01) දිනය තුළ පිටකොටුව මැනිං තොග වෙළෙඳ‍පොළේ ලීක්ස් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 50ත් 55තු අතර අගයක් ගෙන තිබේ. කැරට් කිලෝ ග්‍රෑමයක් රුපියල් 30ත් 40ත් අතර මිලකටත්, බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 30ත් 35ත් අතර මිලකටත් අලෙවි වී තිබේ. සලාද කොළ කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10කි. රාබු කිලෝග්‍රෑමයක් අලෙවි වී ඇත්තේ රුපියල් 20ත් 25ත් අතර මිලකටය. නෝකෝල් සහ වම්බටු කිලෝග්‍රෑමයක් රුපියල් 30ට අලෙවි වී ඇති අතර තලන බටු කිලෝග්‍රෑමය අලෙවි වී ඇත්තේ රුපියල් 20ටය. මාළු මිරිස් කිලෝ ග්‍රෑමය රුපියල් 80ත් 90ත් අතර මිලකට අලෙවි වී තිබේ.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2742:2012-04-01-18-44-14&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment