Monday, April 2, 2012

ගාල්ලේ දුර්ලභගනයේ කොරල්පර කැඩූ පාසල් සිසුන් සිවුදෙනෙක් අල්ලයි

කමල් විජේහේවා

ගාල්ල ඓතිහාසික කොටු පවුර ආශ්‍රිත මුහුදු තීරයේ පිහිටි දුර්ලභගනයේ කොරල්පර කඩමින් සිටි හැටන් ප්‍රදේශයේ (14) හැවිරිදි සිසුන් සිවුදෙනෙකු ගාල්ල ‍පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (1) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. පාසල් සිසුන් ලෙස සැලකිය හැකි මෙම සිවුදෙනා විනෝද චාරිකාවක් සඳහා පැමිණි ගමනේදී ගාල්ල කොටුපවුර ආශ්‍රිත සාගර තීරයේ තිබූ දුර්ලභගනයේ කොරල්පර කඩමින් සිටියදී මෙසේ ‍පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර සිසුන් විසින් කඩන ලද දුර්ලභගනයේ කොරල්පර කැබලිද ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එම සිසුන් සිවුදෙනා ඊයේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතව තිබිණ. ගාල්ල ‍පොලිස් අධිකාරී ඩී.සී. විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි ගාල්ල මූලස්ථාන ‍පොලිස් පරීක්ෂණ සතිෂ් ගමගේ මහතාගේ මෙහෙයවීම මත දූෂණ මර්දන ඒකක නිලධාරීන් වැටලීම සිදුකර තිබේ.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2746:2012-04-01-18-48-39&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment