Wednesday, July 27, 2011

Amending Pesticides Act (2 News items)

Govt to amend Pesticides Act

The government will amend the Control of Pesticides Act to find solutions to problems relating to pesticides, said Agriculture Minister Mahinda Yapa Abeywardane at a press conference at his ministry recently.

It is permitted to import, packaging, labeling, storage, formulation, transport, sale and use of pesticides according to the Control of Pesticides Act No. 33 of 1980. As the Act was introduced 30 years ago, the content of pesticides, languages and size of the lettering, danger symbols and colours, precautions, first aid and antidotes are monitored by using old technologies, said the minister.

"We have to face problems relating to the arsenic content in pesticides. Arsenic is not a big issue as we have clever scientists. If they proved that pesticides carry arsenic elements scientifically, we will take action against those who import pesticides," he said.




වසර හතළිහක් පැරණි පළිබෝධ නාශක පනත වහා සංශෝධනය කෙරේ

පළිබෝධ නාශක පාලනය පිළිබඳ පනත වහාම සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. 1971 දී සම්මත වූ මේ පනත අවුරුදු හතළිහක් පැරණිය. නව වගන්ති ඇතුළත් පනත කඩිනමින් සකස් කර ඉදිරි මාස කිහිපයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. එකල පැවැති ක්‍රමයන්ට අනුකූලව සකස් කරන ලද මේ පනතේ වර්තමානයට නොගැලපෙන වගන්ති රැසක් තිබෙන බැවින් මේ තීරණය ගත් බව අබේවර්ධන මහතා පැවසීය.

මේ අනුව අද තිබෙන අවශ්‍යතාවයන්ට අනුකූලව මේ පනත සංශෝධනය කිරීමට නියමිත අතර ඒ සඳහා පළිබෝධ නාශක ආනයනකරුවන් 150 දෙනකුගෙන් යෝජනා හා අදහස් ලබා ගෙන ඇත. පැරණි පනත අනුව ආනයනික පළිබෝධ නාශකවල තිබෙන ශරීරයට අහිතකර දෑ පරීක්ෂා කිරීමේ ප්‍රතිශතය පැවැතියේ එකට මිලියනයක් වන අනුපාතයටය.
මේ පනත වර්තමානයට අනුව නවීන තාක්ෂණයට අනුකූලව සකස් කිරීමෙන් ආනයනික පළිබෝධ නාශකවල ඇති අහිතකර දෑ එකට බිලියනයක් දක්වා පරීක්ෂා කිරීමට අවකාශ ලැබෙන බව ද ඇමැතිවරයා කීවේය. මේ සංශෝධනයත් සමග පළිබෝධ නාශකවල ඇති ආසනික් ඇතුළු සියලු අහිතකර දෑ හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙන බව ද හෙතෙම පැවසීය.


1 comment:

  1. It would enable to import pesticides which contains banned elements

    ReplyDelete