Wednesday, July 27, 2011

වැලි හොරු 10ක් ට්‍රැක්ටර් 10ක් සමඟ කොටුවෙති

වැලි හොරු 10ක් ට්‍රැක්ටර් 10ක් සමඟ කොටුවෙති

කන්තලේ හා කලවංචිකුඩි ප්‍රදේශවල වැලි ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 10 ක් වැලි පිරවූ ට්‍රැක්ටර් 10 ක් සමඟ විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ. කලවංචිකුඩි නාගකෝවිල අසල මුහුදු තීරයේ මුහුදු වැලි වසර දෙකකට අධික කාලයක් තිස්සේ හොර රහසේ රැගෙන ගොස් විකුණූ අයෙක් ද මුහුදු වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් සමඟ එදින අත්අඩංගුවට ගෙන තිබිණි.

කන්තලේ සිත්තාර් සුන්නාන්කාඩු ප්‍රදේශයේ දී අනෙක් සැක නවදෙනා ගඟේ වැලි පිරවූ ට්‍රැක්ටර් රථ 09 සමඟ අත්අඩංගුවට පත්ව තිබේ. මොවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ වැලි පටවමින් සිටි තවත් කීපදෙනෙක් පලා ගිය බව විශේෂ කාර්ය බළකාය . වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් කන්තලේ හා කලවංචිකුඩි පොලිස් ස්ථාන වෙත බාර දී තිබේ

No comments:

Post a Comment