Saturday, July 16, 2011

සතියක්‌ තුළ කුණු ඉවත්නොකළහොත් නුවරඑළිය ප්‍රා. සභාවට නඩු පවරනවා

ඇමැති තොන්ඩමන් කියයි

ලසිත දුමින්ද

නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සතියක්‌ ඇතුළතදී කැළි කසළ බැහැර කිරීමේදී නිසි ක්‍රමවේදයක්‌ අනුගමනය නොකළහොත් ප්‍රාදේශීය සභාවට එරෙහිව නඩු පැවරීමට පශු සම්පක්‌ හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරමුගම් තොන්ඩමන් මහතා තීරණය කර ඇත. 

මහජනතාවට හා පරිසරයට හානිවන ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කැළි කසළ එකතුවීම හේතුවෙන් ඇමැතිවරයා එම තීරණය ගෙන තිබේ.

ප්‍රාදේශීය සභාව නිසි ක්‍රමවේදයකින් තොරව කැළි කසළ බැහැර නොකිරීම නිසා කැළි කසළ ප්‍රශ්නය උද්ගතව ඇති අතර, සතියක්‌ තුළදී නිසි පරිදි කැළි කසළ බැහැර කිරීමට පියවර නොගන්නේනම් නඩු පවරන බවට අමාත්‍යවරයා ප්‍රාදේශීය සභාවේ අදාළ නිලධාරීන්ට ඊයේ (15 වැනිදා) අනතුරු අඟවා ඇත.


Source: http://www.divaina.com/2011/07/16/news24.html

No comments:

Post a Comment