Saturday, July 30, 2011

ශ්‍රවණාබාධිතයන්ගේ පෙළපාලිය .

බිහිරි ජනතා පාගමන (29)

හැත්තෑදහසක්‌ පමණ වන බිහිරි ජනතාවගේ අයිතිවාසිකම් හා සමාජ තත්ත්වය තහවුරු කරන ලෙස බලකරමින් ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය සංවිධානය කරන පාගමනක්‌ අද (29 වැනිදා) උදේ 9 ට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය අසලදී ආරම්භ වෙයි.

පාගමනින් අරලියගහ මන්දිරය දක්‌වා ගොස්‌ ඔවුන්ගේ ගැටලු සඳහන් සන්දේශයක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට භාර දීමට නියමිත යෑයි එම සම්මේලනය පවසයි. මෙම පා ගමනට බිහිරි පුද්ගලයන් දහසක්‌ පමණ සහභාගි වන අතර ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් පෝස්‌ටර් හා බැනර් ද ප්‍රදර්ශනය කිරීමට සම්මේලනය සූදානම් කර ඇත.



ශ්‍රවණාබාධිතයන්ගේ පෙළපාලියේ අවස්ථා 


ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත යන්ගේ මධ්‍යම සම්මේලනය සංවිධානය කළ අයිතීන් තහ වුරු කිරීමේ සාම පාගමනක්‌ ඊයේ (29) කොළඹ කොටුව දුම්රියපළ ආසන්නයෙන් ආරම්භ කෙරිණි. එම සාම පාගමනේ අවස්‌ථාවක්‌ ඡායාරූපයේ දැක්‌වේ.


ඡායා - නිහාල් චන්ද්‍රකුමාර







No comments:

Post a Comment