Saturday, July 30, 2011

ඉදිරි දිනවල අලින්ගේ ප්‍රහාර වැඩිවිය හැකියි

- වනජීවිය කියයි

ලසිත දුමින්ද

දිවයිනේ වියළි කලාපය තුළ දැඩි වියළි කාලගුණයක්‌ පවතින බැවින් ඉදිරියේදී වන අලින් විසින් පහරදීමෙන් සිදුවන මිනිස්‌ මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

වන අලින් පහර දීමෙන් මිනිස්‌ මරණ අතුරින් සියයට 80 ක්‌ ම සිදුව ඇත්තේ වගා ආරක්‍ෂාව, ගවයන් ගාල් කිරීම හා වෙනත් කටයුතු සඳහා නිවසින් බැහැරව සිටින අවස්‌ථාවලදී බව ද දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

එසේම රාත්‍රියේ හා අලුයම් කාලයේ පාපැදි යතුරුපැදි සහ පා ගමනින් වනාන්තර ආශ්‍රිතව මාර්ගවල ගමන් කරමින් සිටියදී වන අලින්ගේ පහරදීම්වලට මිනිසුන් ලක්‌වන බව ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රය මහවැලි කලාපය තුළ සිදුකළ සමීක්‍ෂණයකදී හෙළි වී ඇත.

වන අලින් වඩාත් සක්‍රීයව හැසිරෙන රාත්‍රි කාලය තුළ නිවසින් බැහැර වීම, ශ්‍රවණ හා දෘෂ්‍ය හැකියාව, අඩු ශාරීරික දුර්වලතා ඇති සහ වයෝවෘද්ධ පුද්ගලයන් රාත්‍රි කාලයේ නිවසින් බැහැර වීම වළක්‌වා ගැනීමෙන් වන අලින් පහරදීමෙන් සිදුවිය හැකි මිනිස්‌ මරණ සංඛ්‍යාව අවම කරගත හැකි බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චJද්‍රවංශ පතිරාජ මහතා සඳහන් කරයි.



Source: http://www.divaina.com/2011/07/30/news14.html

No comments:

Post a Comment