Friday, July 29, 2011

රුවන්වැල්ල ගුරුගොඩ ඔයට කැළිකසළ දමලා

රුවන්වැල්ල නගරයේ එකතුවන කුණුරොඩු සතිපොළ අසලින් ගුරුගොඩ ඔයට දැමීම නිසා ජලය අපවිත්‍රවී මහජනයාට ප්‍රයෝජනයක් ගත නොහැකි වන සේ ගලාබසී.  මස්, මාළු වැනි අපද්‍රව්‍යද එහි ඇති හෙයින් මුළු පළාතම දුගඳ හමමින් පවතී.

කුණුගොඩේ ජලය එකතුවන පොලිතින්, කුරුම්බා කෝම්බ, ප්ලාස්ටික් බඳුන්, යෝගට් කෝප්ප වැනි දේවල් එහි තිබීම නිසා ඒවායෙහි ජලය එකතුවී ඩෙංගු බෝවීමේ අවදානමක්ද ඇති බව පෙනීයන කරුණකි. ඔයට ඉහළින් ජල පොම්පාගාරයද ඉදිකර ඇති නිසා ජල ගැලීම් සිදුවුවහොත් ජල පොම්පාගාරයටද කුණු රොඩුවලින් හානි සිදුවිය හැකි බව මහජනතාව පෙන්වා දෙති.
 
ඔය අවට කැළිකසළ දමා ඇති ආකාර

No comments:

Post a Comment