ශ්‍යාම් නුවන් ගනේවත්ත
මේ වසරේ (2011) පළමු මාස පහේදී (ජනවාරි, මැයි) සිගරැට් හා දුම්කොළ නිෂ්පාදනවලින් රජය අය කළ බදු ආදායම සියයට 26.7 කින් ඉහළ ගොස් තිබේ.
මේ අනුව මේ වසරේ පළමු මාස පහේදී සිගරැට් හා දුම්කොළ බදු වශයෙන් රු. දශලක්ෂ දහනව දහස් අටසිය හතළින් පහක් උපයා ගැනීමට රජය සමත්ව ඇත. ගිය වසරේ (2010) පළමු මාස පහේදී රජය උපයා ගැනීමට සමත් වූ සිගරැට් හා දුම්කොළ බදු ආදායම රු. දශලක්ෂ පහළොස් දහස් හයසිය හැටතුනක් විය.
මේ නිසා රු. දශලක්ෂ හාර දහස් එකසිය අසූදෙකකින් මේ වසරේ පළමු මාස පහේ මෙකී බදු ආදායම ඉහළ ගොස් තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල නව වෙළෙඳපොළවල් විවෘතවීම සහ 2010 වසරේදී සිගරැට් නිෂ්පාදන බදු ඉහළ නැංවීම මෙසේ සිගරැට් හා දුම්කොළ නිෂ්පාදන බදු ආදායම ඉහළ යාමට හේතුව බව 2010 වසරේ මුදල් අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සඳහන් කරයි.
Source: http://www.divaina.com/2011/07/15/news24.html
No comments:
Post a Comment