ආසියාව හා සැසඳීමේදී ඉතා සුළු වුවත් ධීවර කර්මාන්තය හා ජල ජීවී වගාව ඉතිහාසය පුරා අපගේ ජීවිතවල කොටසක් ලෙස නොනැවතී පැවතුණාජනාධිපති මහින්ද රාජපක්‍ෂ
අනුර බාලසූරිය
ආසියානු රටවල් හා සැසඳීමේදී ධීවර කර්මාන්තය සහ ජල ජීවී වගාව අපේ රටේ සුළු වශයෙන් ක්‍රියාත්මක වුවත් ඉතිහාසය පුරා ධීවර කර්මාන්තය අපගේ ජීවිතවල කොටසක් ලෙස නොනැවතී පැවතුනා යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (28 වැනිදා) හිල්ටන් හෝටලයේ පැවැති ආහාර ආරක්‍ෂණය, පෝෂණය හා ආර්ථික සංවර්ධනය සඳහා ජලජීවී වගාව පිළිබඳ ආසියානු කලාපීය අමාත්‍ය හමුවේ සමාරම්භක දේශනයට සහභාගි වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
අපේ රටේත්, ලෝකයේත් ආහාර ආරක්‍ෂණය පිළිබඳ ඉඩ ප්‍රස්‌ථා හා අභියෝගයන් දෙස අප බලා සිටින හා අපේ රටේ ඵලදායී ජල ජීවී වගාව සංවර්ධනයෙන් ඇති විය හැකි ප්‍රතිලාභ අප අවබෝධ කරගන්නා අවස්‌ථාවක මෙම අමාත්‍ය සමුළුව මෙහි පවත්වන්නට ලැබීමේ වරප්‍රසාදය පිළිබඳ සතුටු සිතැතිව මම ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමි.
දූපත්වාසී ජනතාවක් ලෙස ධීවර කර්මාන්තය පිළිබඳ ඉතා දීර්ඝ ඉතිහාසයක් අපට තිබේ. ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික ආහාරවේලට මාංශජනක ධාතු 70% ක් එක් කරන ඉතා වැදගත් ප්‍රභවයක් වන එය මාළු සඳහා වැඩි වන ඉල්ලුමක් සහිතව පුළුල් වෙමින් පවතින සම්ප්‍රදායකි.
ආසියානු කලාපයට එහි අතිවිශාල මත්ස්‍ය සම්පත සමඟින් ලොව බෝකරන මත්ස්‍ය ප්‍රමාණයෙන් 90% ටත් වඩා නිෂ්පාදනය කරන බව සඳහන් කළ යුතුය. මෙය කොළඹ පැවැත්වෙන ඔබගේ හමුවේ තේමාව වන අතර ආහාර, ආරක්‍ෂණය, පෝෂණය හා ආර්ථික සංවර්ධනය සඳහා ජල ජීවී වගාවේ වැදගත්කම පිළිබිඹු කරන්නකි. නමුත් මනුෂ්‍ය වර්ගයාට අත්‍යාවශ්‍ය අනෙකුත් ආහාර නිෂ්පාදනයන් සේම ධීවර කර්මාන්තය ද අද දැඩි ලෙස අනතුරට ලක්‌වී ඇත.
ධීවර සම්පත් අසීමිතව සූරා කනු ලැබ ඇති අතර, පවතින තාක්‍ෂණය යටතේ වඩා වැඩි මත්ස්‍ය අස්‌වැන්නක් ලබාගැනීමේ භෞතික සම්පත් ඒවායේ සීමාවන් වෙත ඉතා වේගයෙන් ළඟා වෙමින් සිටී.
ඔබ අද හමුවන්නේ නිරන්තරයෙන් වර්ධනය වන ජනගහනය පෝෂණය කිරීමට, 2030 වන විට වසරකට මත්ස්‍යයින් තවත් ටොන් මිලියන 30 ක් සපයා ගන්නට සිදුවී තිබීමේ අභියෝගයට මුහුණ දෙමිනි.
ආහාර සඳහා ස්‌වභාවික පරිසරයකින් සපයාගත හැකි ලොව අවසන් සත්ත්ව වර්ගය මත්ස්‍යයින්ය යන්නත් මසුන් ඇල්ලීමෙන් අපේ සාගර මසුන්ගෙන් හිඟ වෙමින් සිටින්නේ කෙසේද යන්නත් පිළිබඳව අප අද නිතර කියවමු. රටවල්වල හා කලාපවල ධීවර ජනතාවගේ ජීවන වෘත්තියට අභියෝග කරමින් මුහුදු පතුල සූරන ට්‍රොaලර් යාත්‍රා පිළිබඳ අපි උගනිමු. එදිනෙදා ජීවිතය සඳහා මසුන් ඇල්ලීමට ධීවරයන් කෙටි කාලයකට මුහුදු යන විට මේ ට්‍රොaලර් යාත්‍රා වෙළෙඳ මෙහෙයුම්වල නියෑළෙයි.
මත්ස්‍යයන්ගේ ස්‌වභාවික පරිසරය බරපතළ ලෙස තර්ජනයට ලක් වෙමින් තිබෙන, ජල ජීවී වගාව සංවර්ධනය කිරීම විශේෂ වැදගත්කමකින් යුක්‌ත වන අවස්‌ථාවක මෙම හමුව ඉතාම කාලෝචිතය.
අපේ මසුන් වගා කරන්නන් ආරක්‍ෂා කිරීම සඳහා දැඩි වෙළෙඳ ප්‍රමිතීන්, තීරු බදු බාධකයන් හා අසාධාරණ වෙළෙඳ භාවිතයන් ඉවත් කිරීම වැනි ප්‍රතිපත්ති අවශ්‍ය වී තිබේ. තිරසාරත්වය වර්ධනය කිරීමට හැකි ක්‍රමයන් අවශ්‍යය. මක් නිසාද ඒවා නොමැති වීමෙන් කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන්ට හා ධීවරයන්ට අහිතකර බලපෑම් ඇති විය හැකි බැවිනි. මසුන් ඇල්ලීම හා වගා කිරීම මත යෑපෙන, අනතුරට භාජන විය හැකි ජන කොටස්‌වලට හානි සිදුවන්නට පෙර මේවා ඉක්‌මණින් හා මහත් සංවේදීතාවෙන් යුක්‌තව නිරාකරණය කළ යුතුය.
මේ සන්දර්භය තුළ ධීවර කර්මාන්තය පිළිබඳ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කමිටුවේ ගෝලීය ජලජීවී වගා සහතික කිරීමේ උපදේශන මාලාවේ නිර්දේශය පිළිබඳව දැනගන්නට ලැබීම මට සතුටට කරුණකි. මම ආහාර හා කෘෂිකර්ම සංවිධානය අගය කරන අතර ආසියාවේ මෙම උපදේශන මාලා ක්‍රියාත්මක කිරීමට අප සියලු දෙනා කැපවිය යුතු බව මම සඳහන් කරමි. ධීවර කර්මාන්තය හා ජලජීවී වගාව සඳහා ගෝලීය න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා ධීවර කමිටුවේ නායකත්වයට මම කෘතඥ වෙමි.
සම්භාවනීය අමුත්තනි, ජලජීවී වගාව සාගරය වෙත ද තවදුරටත් පැතිරෙන විට ජාත්‍යන්තර මුහුදේ කළමනාකාරිත්වයේ වගකීම් පිළිබඳ ගැටලු මඟින් ප්‍රතිපත්ති සම්ප්‍රදායකයන්ට හා සැලසුම්කරුවන්ටත්, ආයෝජකයන්ට හා වෙනත් බොහෝ කොටස්‌කරුවන්ටත් එමඟින් අභියෝග එල්ල වනු ඇත. ආර්ථික කලාපයන් සඳහා නියමිත රැකවරණ සමඟ මුහුද බදු දීම හෝ කුලියට දීම වැනි ගැටලු පිළිබඳ අලුත් ප්‍රතිපත්ති හා නීති අවශ්‍ය වනු ඇත.
කුඩා පරිමාණ හා පාරම්පරික ධීවරයන් තම ජීවනෝපාය පිළිබඳ අසීරු ගැටලුවලට මුහුණ දෙමින් සිටීමත් සමඟ අපේ ලෝකයේත් අපේ කලාපයේත් මත්ස්‍ය තොග හිස් වෙමින් තිබීමේ යථාර්ථයට අපට දැන් මුහුණ දීමට සිදුවී තිබේ. ඔවුහු දකුණු ආසියාවේ ශ්‍රම බළකායෙන් විශාල කොටසකි. ඔවුන්ට උපකාර කිරීමට ක්‍රමයන් සෙවීම හදිසි අවශ්‍යතාවකි. විකල්ප හා අතිරේක ජීවනෝපායයන් ලෙස ජල ජීවී වගාව හා අතිරේක කර්මාන්තවලට අවස්‌ථා නිර්මාණය කිරීම එක් ක්‍රමයක් විය හැකිය. මසුන් ඇල්ලීම මඟින් ආහාර, රැකියා හා ආදායම් සැපයීම දිගටම පවත්වාගෙන යැම සඳහා අපි අපේ ස්‌වභාවික මත්ස්‍ය තොග ද ආරක්‍ෂා කරගත යුතුය.
දේශගුණික වෙනස්‌වීම් සහ හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු යනාදී පාරිසරික හා සමාජ සුබ සාධන වැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් ආමන්ත්‍රණයට ජලජීවී වගාව උපකාරී වෙයි. වෙරළාශ්‍රිත පරිසරය සංරක්‍ෂණයට ද මෙය යොදාගත හැකි මාර්ග පිළිබඳ සොයා බැලිය යුතුය. සැලසුම් සහගත සංචාරක වර්ධනයක් සිදුකරගෙන යන ශ්‍රී ලංකාවට මෙය විශේෂ අදාළත්වයක් පවතී.
සම්භාවනීය අමුත්තනි, ජල ජීවී වගාව වර්ධනය කිරීම සඳහා එයට අදාළ සියලුම අංශයන් හී තාක්‍ෂණය සංවර්ධනය කිරීම අවශ්‍යයි. ආසියාවේ සිටින අප මේ හා සම්බන්ධ තාක්‍ෂණයෙන් පොහොසත්ව සිටීම, මෙම ක්‍ෂේත්‍ර තවදුරටත් සංවර්ධනය කිරීමට තිබෙන හැකියාව පෙන්වා තිබීම මෙන්ම වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හැකිවීම අප දිරි ගන්වන සුළුයි. නමුත් විශාල කලාපයක් තුළ සිටීමේදී අසමතුළිත සංවර්ධන සම්බන්ධයෙන් පවතින ගැටලු ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය මෙන්ම ජල ජීවී වගාවට අපට තිබෙන විශාල හැකියාව නියමාකාරයෙන් හඳුනාගෙන මෙම මත්ස්‍ය සම්පතෙහි වටිනාකම සම්පූර්ණයෙන් අවබෝධ කර ගත යුතුයි.
අනෙක් ආසියානු රටවල් හා සැසඳීමේ දී ධීවර කර්මාන්තය සහ ජල ජීවී වගාව අපේ රටේ සුළු වශයෙන් ක්‍රියාත්මක වුවත් ඉතිහාසය පුරා ධීවර කර්මාන්තය අපගේ ජීවිතවල කොටසක් ලෙස නොනැවතී පැවතුන අතර එය ඉදිරියටත් එලෙසින්ම පවතිනු ඇතැයි මම සිතමි. වර්තමානයේදී ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදනයට මෙමගින් ලැබෙන දායකත්වය 2% ක් වුවද ජල ජීවී වගාව ආර්ථික වර්ධනයේ දී ප්‍රධාන අංශයක් වශයෙන් සැලකිය හැකි බැවින් එය තව තවත් වර්ධනය කළ යුතුය.
අප වටා තිබෙන සමුද්‍රයට අමතරව ශ්‍රී ලංකාව සතුව තවත් බොහෝ ගංගා සහ කලපු මෙන්ම ජල සම්පාදනයට මිනිසුන් විසින් නිර්මාණය කරන ලද වැව් ද තිබේ. මේවා මත්ස්‍ය නිෂ්පාදනයට උපකාරී වෙයි. කෘෂි කර්මාන්තය සඳහා ජලය ලබාගැනීමට ඉදිකර වූ වැව් "සහල්- මත්ස්‍ය" අලුත් සංස්‌කෘතියක් ඇති කිරීමේ හැකියාව විවරකර තිබෙනවා. මෙය තව තවත් ආහාර නිෂ්පාදනය සිදු කිරීමේ චමත්කාරජනක ක්‍රමයක් වනවා මෙන්ම වී ගොවීන්ගේ ආදායම වර්ධනයට ද හේතු වෙයි. අපගේ රජය විසින් 1998 දී පිහිටු වූ ජලජීවී වගා සංවර්ධන අධිකාරියට ජල ජීවී වගාව සම්බන්ධයෙන් පවතින අපගේ අරමුණුවලට සහාය ලබාදීමට අමතරව ග්‍රාමීය ආර්ථිකය ශක්‌තිමත්.
Source: http://www.divaina.com/2011/07/30/news19.html
No comments:
Post a Comment