Saturday, July 16, 2011

දර අස්‌සේ සඟවා බුරුත කඳන් 52 ක්‌ හොරෙන් ප්‍රවාහනය කරලා

කරුණාරත්න ගමගේ

දර අස්‌සේ සඟවා බුරුත කඳන් 52 ක්‌ හොරෙන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක්‌ වැලිකන්ද පොලිසිය මගින් පෙරේදා (14 දා) පස්‌වරුවේ වැලිකන්ද, නාගස්‌තැන්න ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනකු ද සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එක්‌ අයකු වාලච්ෙච්න පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයකු බවත් අනෙක්‌ පුද්ගලයා එම පොලිසියේ සේවය කරන කොස්‌තාපල්වරයකු බවත් හෙළි වී තිබේ.

මේ අතර ලොරියේ පැමිණි තවත් පුද්ගලයකු පලා ගොස්‌ ඇති බවද පොලිසිය කියයි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් වාකරේ ප්‍රදේශයේ රක්‍ෂිත වනාන්තරවල සිට වැලිකන්ද ප්‍රදේශය හරහා වාලච්ෙච්න දක්‌වා මෙම දැව තොගය රැගෙන යමින් සිටි බව මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සරත් කුමාර ජෝෂප් මහතාගේ උපදෙස්‌ පරිදි වැලිකන්දේ කොට්‌ඨාසය බාර සහකාර පොලිස්‌ අධිකාරි කමල් පලිහක්‌කාර මහතාගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. එස්‌. එම්. ජරූල් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.



Source: http://www.divaina.com/2011/07/16/provin02.html

No comments:

Post a Comment