Wednesday, July 20, 2011

කහවත්තේ අනවසර පතල් කැණිම් ස්‌ථාන රැසක්‌ වටලයි

ලසිත දුමින්ද 

කහවත්ත ප්‍රදේශයේ විශේෂ ආරක්‌ෂක කටයුතුවල නිරතව සිටින විශේෂ කාර්ය බළකාය එම ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය අනවසර පතල් කැණීම් ස්‌ථාන රැසක්‌ වටලා භාණ්‌ඩ රැසක්‌ පෙරේදා (18 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. 

කළුගඟ, කොස්‌කොළවත්ත, මාරපන යන ප්‍රදේශවල තිබූ අනවසර පතල් කැණීම් ස්‌ථාන මෙසේ විශේෂ කාර්ය බළකාය වටලා ඇත.

එම වැටලීම්වලදී ලීටර් 210 බැරල් 13 ක්‌, කැණීම්වලට යොදා ගන්නා ගැල්වනයිස්‌ බට, එන්ජිමක්‌, නයිලෝන් කඹ ඇතුළු උපකරණ කිහිපයක්‌ විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් භාණ්‌ඩ රත්නපුර මැණික්‌ හා ජාතික ස්‌වර්ණාභරණ අධිකාරිය වෙත භාරදීමට විශේෂ කාර්ය බළකාය පියවර ගෙන ඇත.


Source: http://www.divaina.com/2011/07/20/news35.html

No comments:

Post a Comment