තත්ත්ව සහතික නොමැති ආනයනික කුකුල් මස් කිලෝ හයසීයක් පමණ ඊයේ (13) දිනයේ පිටකොටුවේ තිබී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් විය.
සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට තත්ත්වය සහතික නොමැති කුකුල් මස් පිළිබඳව තොරතුරු ලැබී ඇත. පෙරේදා (12) රාත්‍රියේ සිට මෙම කුකුළු මස් වෙළඳ පොළට නිකුත් කර තිබේ.
මෙවැනි තත්ත්ව සහතික නොමැති කුකුළු මස් මිලදී ගැනීමෙන් වලකින ලෙස අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය ජනතාව ගෙන් ඉල්ලා සිටී. මෙම කුකුළු මස් වෙළඳපලට නිකුත් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට සියලු පියවර ගන්නා බව ද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අත්අඩංගුවට ගන්නා ලද කුකුළු මස් පිළිබඳ වැඩිදුර පරීක්ෂණණ මේ වනවිට සිදු කරමින් ඇත.
No comments:
Post a Comment