Sunday, July 17, 2011

රඹකැන්ඔය ව්‍යාපෘතියේ ඉඩම් අහිමිවූවන්ට අලුත් ඉඩම්

තිස්‌ස ගුණතිලක - ප්‍රසන්න සිල්වා

රඹකැන්ඔය ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූවන් ඇතුළු පවුල් හාරදහසකට නව වාරි ඉඩම් මෙම වසර අවසන් වන විට ලබාදීමට සැලසුම් කර ඇත.

මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීම හා අනෙකුත් සමීක්‍ෂණ කටයුතු සිදුකර අවසන් බව රඹකැන්ඔය ව්‍යාපෘතියේ නේවාසික කළමනාකරු ඒ. ඩී. ඩී. එස්‌. ඉන්ද්‍රසේකර මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවැසීය.

එක්‌ පවුල් ඒකකයක්‌ සඳහා ඉඩම් අක්‌කර තුනකට වඩා වැඩිs ගොඩ සහ මඩ ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇති බව හෙතෙම කීවේය.

පොල්ලෙබැද්ද, බැඳිරැක්‌ක, පුලදවලි, සමගිපුර, කෑලවත්ත සහ මොරපොල යන ග්‍රාමසේවා වසම් හයක ජීවත්වන පවුල් සඳහා මෙම ඉඩම් ලබාදීමට නියමිත බව නේවාසික කළමනාකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අදාළ ඉඩම් ලබාදීමට අමතරව එම ප්‍රදේශ ආවරණය වන පරිදි එහි යටිතල පහසුකම් ද දියුණු කෙරෙන අතර ඒ සඳහා 2007 වසරේ රඹකැන්ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදීම රජය රුපියල් මිලියන 500 ක මුදලක්‌ වෙන්කර ඇතැයි ද කීවේය.

රජය 2007 වසරේදී රඹකැන්ඔය ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන දෙදහස්‌ හාරසියයක්‌ වෙන්කළ අතර ඉතිරි රුපියල් දෙදහසක්‌ ජලාශය ඉදිකිරීම් සඳහා ද රුපියල් මිලියන පන්සියය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ද වෙයි.

රඹකැන්ඔය ජලාශ ව්‍යාපෘතිය 1976 වසරේ පැවැති සිරිමා බණ්‌ඩාරනායක අගමැතිනියගේ රජය විසින් මුල්ගල් තබා ආරම්භ කරන ලදී.

2007 වසරේදී එය කඩිනම් ව්‍යාපෘතියක්‌ ලෙස නම්කර ව්‍යාපෘතිය අවසන් කිරීමට වර්තමාන රජය පියවර ගැනිණි.



Source: http://www.divaina.com/2011/07/17/news08.html

No comments:

Post a Comment