Tuesday, July 19, 2011

Dengue Updates: 19th July (2 items)

Be vigilant of dengue breeding grounds - Ministry

The Health Ministry yesterday warned the public to be vigilant about dengue mosquito breeding sites following rain being experienced in the country.

The Ministry Epidemiology Unit releasing latest statistics on the dengue situation in the country, said 11,901 dengue cases and 93 deaths were reported from all parts of the country by July 15.

According to the sources, the highest number of dengue cases 4,632 and 37 deaths were reported from the Colombo district. The Colombo Municipal Council area recorded 1,804 Dengue Hemorrhagic Fever cases and 13 deaths, Gampaha district recorded 1497 dengue cases and 15 deaths and Kalutara district of 689 dengue cases and five deaths.

“During the past 15 days, 1,684 dengue cases and 16 deaths were reported from all parts of the country. A total of 3,412 dengue cases and 14 deaths were reported from all parts of the country last month.

Source: 
http://www.dailynews.lk/2011/07/19/news12.asp


ඩෙංගු මඬින්නට ක්‍රමවේද 4ක්

රෝගයට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීම අරමුණයි
ඩෙංගු මර්දනය සඳහා වූ ආරක්ෂිත ක්‍රමවේද හතරක් ප්‍රකාශයට පත් කෙරේ. මදුරුවන් සොයා විනාශ කිරීම, ස්වයං ආරක්ෂාව, සුදුසු ඉක්මන් ප්‍රතිකාර, සීමාවක් ඇතිව දූමායනය කිරීම නම් වූ ක්‍රමවේද හතර අනුගමනය කිරීමෙන් ඩෙංගු රෝගයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව අඩු කර ගත හැකි බව මේ ක්‍රමවේදයන් ඉදිරිපත් කළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්. ගමගේ මහතා පවසයි.

අවට පරිසරයේ ජලය රැඳෙන ස්ථාන සොයා විනාශ කිරීම, සතියකට වරක්වත් අවට පරිසරය පිරිසුදු කිරීම, ජලය එක්රැස් කරන ටැංකි හා භාජන තදින් අතුල්ලා සතියකට වරක්වත් සේදීම යන කරුණු “සොයා විනාශ කිරීම” යන ක්‍රමවේදය යටතේත්, උදේ හා සවස කාලයේ දී වඩාත් පරිස්සම් වීම, නිවස තුළ මදුරුවන් බෝ වීමට ඉඩ නොතැබීම, රෝගයෙන් වැළකීම පිළිබඳ නිවසේදී නිතර කතාබහ කිරීම යනාදි කරුණු “ස්වයං ආරක්ෂාව“ යටතේ සඳහන් වේ. “සුදුසු ඉක්මන් ප්‍රතිකාර” යටතේ උණ ඇතුළු ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පහළ වුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් ඉක්මන් ප්‍රතිකාර ලබාගැනීම, ප්‍රතිකාර ලබා ගැනීමට පවුලේ වැඩිහිටියන් ද උනන්දු වීම, උණ ගත් විට හැකි තරම් විවේක ගැනීම හා වැඩිපුර පාන වර්ග පානය කිරීම සඳහන් ය.

මීට අමතරව “සීමාවක් ඇතිව දූමායනය සිදු කරන්න” යන කාරණාව යටතේ දූමානය සිදුකිරීමේ දී මදුරුවන් පමණක් නොව අනෙකුත් කුඩා සතුන්ට ද හානි වන බැවින් අවශ්‍යම විට පමණක් දූමායනය කිරීම, දූමායනය සිදු කළ යුත්තේ මදුරුවා ක්‍රියාශීලි වන උදය හා සවස් කාලයේ දී ය, දූමායනය සිදු කරන නිවෙස්වල ජනෙල් දොරවල් විවෘතව තබා නිවස තුළ ඇති මදුරුවන් ද විනාශ කිරීමට කටයුතු කිරීම යනාදිය ඇතුළත් වේ.

ඉහත සඳහන් ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් ඩෙංගු රෝගය වළක්වා ගත හැකි යැයි ද වෛද්‍ය ගමගේ මහතා පැවසීය.

මේ වන විට ඩෙංගු රෝගීන් 11,901 ක් ද, මරණ 93 ක් ද වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. පසුගිය සතියේ දී මේ වසර පුරා සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වන එකොළොස් දෙනෙක්ගේ මරණ වාර්තා වී තිබේ. ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම වැඩිම ප්‍රදේශ වන්නේ කොළඹ ඛ්ා ගම්පහ ය.

No comments:

Post a Comment