Wednesday, July 20, 2011

විදුලි ගාස්‌තු පිළිබඳ පුවත ගැන කොමිසමේ සභාපති මෙසේ කියයි

2011 වසර අවසන් වනතුරු විදුලි ගාස්‌තු ඉහළ නොදමන බවට ඊයේ (19 වැනිදා) දිවයින පුවත්පතේ පළවූ පුවත පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්‌සද කොස්‌තා මහතා කරුණු පැහැදිලි කිරීමක්‌ එවා ඇත. එය මෙසේය(

2011/7/19 දින දිවයින පුවත්පතේ පළමු පිටුවේ සඳහන් කර ඇති පරිදි මෙම වසර (2011) අවසන් වනතුරු විදුලි ගාස්‌තු ඉහළ දැමීමක්‌ සිදුනොවන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළ බවටත්, ඉන්ධන ගැලපුම් ගාස්‌තු සම්බන්ධව මේ වසර අවසන් වනතුරු පියවර නොගන්නා ලෙස විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක සහ ඛණිජ තෙල් සංවර්ධන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු විසින් කරන ලද ඉල්ලීමකට අනුව ගනු ලැබූ පියවර අනුව මෙලෙස විදුලි ගාස්‌තු ඉහළ නොයන බව මෙම කොමිසමේ ප්‍රකාශකයෙක්‌ පැවැසූ බවටත් එම ප්‍රවෘත්තියේ සඳහන් කර ඇත.

මෙම ආයතනය වෙනුවෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට බලය පවරා ඇත්තේ මා වෙතය. එසේ නමුදු උක්‌ත ප්‍රකාශය මා විසින් හෝ මෙම කොමිසමේ වෙනත් වගකිවයුතු නිලධාරියෙකු විසින් සිදු කර නොමැත. එසේ තිබියදී මෙම කොමිසමේ ප්‍රකාශකයෙක්‌ උක්‌ත ප්‍රකාශය කළ බවට සඳහන් කිරීම සාවද්‍ය ප්‍රකාශයකි.

පසුසටහන - අදාළ පුවත අපවෙත ලබා දුන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයෙකි. එසේම ඉන්ධන ගැලපුම් ගාස්‌තු සම්බන්ධව පියවරක්‌ නොගන්නාලෙස සුසිල් ප්‍රේමජයන්ත සහ පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් මෙම කොමිසමෙන් ඉල්ලා ඇති බව එම අමාත්‍යාංශ මාධ්‍ය ඒකක විසින් ද තහවුරු කරන ලදී.



Source: http://www.divaina.com/2011/07/20/news24.html

මුල් පුවත - http://www.divaina.com/2011/07/19/news18.html

No comments:

Post a Comment