Thursday, July 21, 2011

මඩකලපුවේ ඉස්‌සන් වගාවට දිරි

මඩකලපුව - ජවුෆර්කාන්

යුද්ධය අවසන් වී සාමය උදාවීමෙන් පසු මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ අත්හැර තිබූ ඉස්‌සන් වගාව නැවත ආරම්භ කර ඇත. මෙම වසරේ මෙම දිස්‌ත්‍රික්‌කයේ අක්‌කර 34 ක ඉස්‌සන් ඇති කරන බවට දිස්‌ත්‍රික්‌ ධීවර ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරියේ ජීව විද්‍යාඥ එස්‌. රවික්‌කුමාර මහතා පැවසීය.

මෙම දිස්‌ත්‍රික්‌කයේ කාවත්තානෙයි, මීරාවොර්ඩයි, තිරුප්පෙරුන්තුරෙයි, මාදෙලෙයිකුඩා, නාවට්‌කාඩු යන තැන්වල ඉස්‌සන් පොළවල් ඇති කර ඉස්‌සන් පැටවුන් රැස්‌කර ඇත.

පසුගිය වසරේ මෙම දිස්‌ත්‍රික්‌කයේ අක්‌කර 94 ක ලක්‍ෂ තිස්‌ දෙකක ඉස්‌සන් පැටවුන් ඇති කර අස්‌වැන්න ලබාගත් බවට ඒ මහතා තවදුරටත් පැවසීය.



Source: http://www.divaina.com/2011/07/21/provin05.html

No comments:

Post a Comment