Friday, July 15, 2011

පින්නවලට තවත් අලුත් අමුත්තෙක්

පින්නවල අලි අනාථාගාරයේ දී තවත් අලි පැටවකු ඊයේ (13) පස්වරුවේ උපත ලැබීය. පොළොන්නරුව, ඉඟිනිමැඩිල්ල ප්‍රදේශයෙන් 2001 වසරේ නොවැම්බර් 07 වැනි දින පින්නවල අලි අනාථාගාරයට ගෙන ආ “මාලි” නමැති කෙනෙර මෙම පැටවා බිහි කළාය. අලුත උපන් අලි පැටවාගේ පියා අලි අනාථාගාරයේම වෙසෙන “වසභ” නමැති හස්ථියා යැයි සැලකේ.

පින්නවල අලි අනාථාගාරයේ දී උපත ලද 65 වන පැටවා මෙම අලි සිඟිත්තා බවද, උපදින විට මෙම පැටවාගේ බර කිලෝ ග්‍රෑම් අනුඅටක් හා උස අඩි තුනයි අඟල් තුනක් බවද අලි අනාථාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය. 1975 පෙබරවාරි 16 වැනි දින අලි පැටවුන් පස්දෙනෙකුගෙන් ආරම්භ කළ පින්නවල අලි අනාථාගාරයේ මේ වන විට අලි ඇත්තු අනූහතරක් සිටිති. දේශීයව මෙන්ම විදේශීයවද සංචාරකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්ව ඇති පින්නවල අලි අනාථාගාරය නැරඹීමට මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් සියයට අනූපහක් පමණ පැමිණෙති.

No comments:

Post a Comment