Thursday, July 21, 2011

Dengue Update: 21st July (2 items)


Colombo tops dengue cases

The highest number of dengue cases - 4,718 has been reported from the Colombo district, followed by 1,627 in the Gampaha district and 714 in the Kalutara district, a Health Ministry spokesman said.


"The country has recorded 2,113 dengue cases during the past 19 days while 3,412 dengue cases and 14 deaths were reported last month," the spokesman said.
Meanwhile, 12,330 dengue cases had been reported from all parts of the country by July 19.
The ministry spokesman said the prevailing rainy weather poses an additional threat and urged the public to pay special attention to keep their properties free of dengue mosquito breeding sites.


Source: http://www.dailynews.lk/2011/07/21/news13.asp



මේ වසරේ මේ වන විට ඩෙංගු මරණ 93 ක්‌

ඒමන්ති මාරඹේ


මෙම මාසයේ පළමුවැනිදා සිට දහඅටවැනිදා දක්‌වා කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1988 දෙනකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 6 ක්‌ සිදුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම වසරේ මෙතෙක්‌ වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 12,205 ක්‌ වන අතර මරණ සංඛ්‍යාව 93 කි.

මෙම දිනවල පවතින කඩින් කඩ වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු රෝගය පැතිර යැම ඉහළ යා හැකි බව ද වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට අනතුරු අඟවයි. මෙම මාසයේ මෙතෙක්‌ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් බහුතරය එනම් 840 ක්‌ වාර්තා වී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් රෝගීන් 315 දෙනකු වාර්තා වී තිබේ.

කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් මෙම වසර තුළදී ඩෙංගු මරණ 37 ක්‌ද ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් මරණ 15 ක්‌ ද වාර්තා වී තිබේ.

පවතින කඩින් කඩ වැසි හේතුවෙන් ඩෙංගු මදුරු කීටයන් බෝවන හිස්‌ ටින්, තැඹිලි/ පොල් කෝම්බ, යෝගට්‌ කෝප්ප ඇතුළු ප්ලාස්‌ටික්‌ කෝප්ප හා ඉවතලන ටයර් විනාශ කර දමා ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි ස්‌ථාන ශුද්ධ පවිත්‍ර කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.






Source: http://www.divaina.com/2011/07/20/news05.html

No comments:

Post a Comment