Thursday, July 14, 2011

ජලය අපවිත්‍රයි රද්දොළුව අවට නළ ජලය භාවිතයට ගන්න එපා

රද්දොළුව නිවාස සංකීර්ණය හා ඒ අවට ජනතාවට ලබා දෙන නළ ජලය බීමට, මුහුණ සේදීමට හා ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත නොකරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

මේ දිනවල පවතින දැඩි නියඟය නිසා රද්දොළුව ජල සම්පාදන ක්‍රමයට ජලය ලබා දෙන ජල මූලාශ්‍රය වන දඩුගම් ඔයේ පහල කොටස දැඩි සේ අපවිත්‍ර වී මේ තත්ත්වය උද්ගත වී ඇතැයි එම මණ්ඩලය දන්වා සිටී.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ද සහයෝගය මත කොටුගොඩ ජල පොම්පාගාරයේ සොරොව් විවෘත කර පිරිසිදු කිරීමෙන් පසු ප්‍රදේශයේ ජනතාවට නැවත ජලය ලබා දීමට ජල සම්පාදන මණ්ඩලය ක්‍රියා කර ඇත.

පාරිභෝගික ජනතාව ගේ සනීපාරක්‍ෂාව ගැන සලකා මෙසේ ජනතාව දැනුවත් කරමින් ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන මණ්ඩලය දැන්වීය.
දැනට ජලයේ පවතින අව පැහැය නැති කර ජලයේ ගුණාත්මක භාවය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව දැන් වූ ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනට බවුසර් මගින් සපයන පානීය ජලය පමණක් බීමට ප්‍රයෝජනයට ගන්නා මෙන්ද ඉල්ලා සිටී.

No comments:

Post a Comment