Friday, July 15, 2011

යල කන්නයේ පොලොන්නරුවේ ජල හිඟයක්‌!

කරුණාරත්න ගමගේ

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වැව්වල ජල මට්‌ටම් මේ දිනවල ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින හෙයින් ඉදිරි දිනවලදී යල කන්නයේ වී වගාවේදී ජල හිඟයකට මුහුණ දෙනු ඇතැයි ගොවි ජනතාව බිය පළ කරති.

මේ වන විට පීදෙමින් , කිරිවදිමින් පවතින අක්‌කර එක්‌ලක්‍ෂ පනස්‌ දහසකට අධික වී වගාව සඳහා ඉදිරි මාස 02 කට නො අඩු කාලයක්‌ ජලය අවශ්‍ය බව එම ගොවි ජනතාව පෙන්වා දෙති.

මේ වන විටත් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ සහ මින්නේරිය හා කවුඩුල්ල වැව් යටතේ කුඹුරු වගා කළ ගොවීහු විශාල පිරිසක්‌ වගාවන්ට ප්‍රමාණවත් තරම් ජලය නොලැබීමෙන් පීඩා විඳිති.



Source: http://www.divaina.com/2011/07/15/news09.html

No comments:

Post a Comment