Tuesday, July 19, 2011

අයිස්ක්‍රීම් කන්නේ බලාගෙනයි

කොළඹ නගරයේ සියලුම අයිස් ක්‍රීම් වෙළඳසැල් ඉදිරි සතිය ඇතුළත පරීක්ෂාවට ලක්කිරීමට කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊකොලයි විෂබීජය අඩංගු අයිස් ක්‍රීම් සාම්පලයක් කොළඹ නගරයේ ප්‍රධාන පාසලකින් හමුවීමෙන් අනතුරුව මේ පියවර ගත් බව කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.

එම පාසලේ ආපනශාලාවේ අළෙවි කළ අයිස් ක්‍රීම් සාම්පලයක මේ විෂබීජය අඩංගුව තිබූ බව රසායනාගාර පරීක්ෂණ මගින් සනාථ වී ඇත.

දැනටමත් අයිස් ක්‍රීම් ආහාරයට ගත් බොහෝ දෙනෙක් පාචනය, උගුරේ අමාරුව වැනි රෝග තත්ත්වයන්ට මුහුණපා ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මහජනතාව පැමිණිලි කිරීමට පවා පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment