Thursday, July 21, 2011

සොසේජස් නිෂ්පාදනයට ගෙනා කල් ඉකුත් වූ කුකුළු මස්-සෝයා කිලෝ දෙලක්‍ෂ අනුදහසක් විනාශ කරයි

සොසේජස් නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ගෙනා කල් ඉකුත් වූ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් කිලෝ ග්රෑම් දෙලක්ෂ අනුහයදහසක තොගයක් විනාශ කිරීමට පන්නල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පියවර ගෙන ඇත.
කන්ටේනර් හතරක බහා තිබූ මේ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් ප්‍රමාණය බෙල්ජියම රටෙන් ගෙන්වා ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතරම් ආහාර තොගයක් එක්වර විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පැවැසුවේය.

මේ කල් ඉකුත් වූ ආහාර තොගය දින දෙකක් පුරා විනාශ කළ බව ද හෙතෙම කීය.

පන්නල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම පන්නල මාකඳුර කර්මාන්තපුරයේ නිෂ්පාදන ඇසුරුම් ආයතනයේදී ම සිදුකර තිබේ.

පිටරටින් ආහාර ගෙන්වා ඒවා වරායෙන් හෝ ගබඩාවලින් මුදා හැරීමේදී අදාළ නිලධාරීන් ඒවා පරීක්ෂා කර බලා නිදහස් කළ යුතු යැයි ද සෙනරත් මහතා පැවැසීය.

මෙම කල් ඉකුත් වූ ආහාර පරිභෝජනයට ගැනීමෙන් උදරාබාධ පමණක් නොව පිළිකා කාරක බවට පත්වීමේ අවදානමක් පවතින බව ද හෙතෙම කීය.

No comments:

Post a Comment