Wednesday, July 27, 2011

Green Movement Press Conference - 26-07-2011

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය - පුවත්පත් සාකච්ඡාව

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය මගින් 2011-07-26 දින පරිසරය හා සම්බන්ධ මේ වන විට පැන නැගී ඇති කරුණු ගණනාවක් පිළිබඳව කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදි. 


එහි දී  සාකච්ඡා වූ කරුණු  සැකෙවින් පහත දැක්වේ. වැඩි විස්තර සඳහා අදාළ මාධ්‍ය නිවේදන කියවන්න.

  • මාධ්‍ය නිවේදනය 1 -  ආසනික් සහ රසදිය සහිත කෘෂි රසායනික ආනයනය සුපුරුදු පරිදි සිදු කිරීමේ කුමන්ත‍්‍රණය - Link
  • මාධ්‍ය නිවේදනය 2 - ශ‍්‍රී ලංකාවට වලංගු නැති 2011 ජාත්‍යන්තර වනාන්තර වර්ෂය (‍පහත විස්තර වන අනෙක් සියලු කරුණු මෙහි ඇතුළත් ය) - Link



ආසනික් සහ රසදිය සහිත කෘෂි රසායනික ආනයනය සුපුරුදු පරිදි සිදු කිරීමේ කුමන්ත‍්‍රණය - ආසනික් අතුළත් කෘෂි රසායනික ද්‍රව්‍ය හා සම්බන්ධ සිදුවීම් ජා‍ලයේ නවතම තත්ත්වය


ශ‍්‍රී ලංකාවේ පලතුරු නිෂ්පාදනය ලොව විශාලතම සමාගමක් අතට - CICකෘෂි ව්‍යාපාරයට හා ලොව පලතුරු නිෂ්පාදනය කරන විශාලතම සමාගම වන DOLE සමාගමට මෙරට වනාන්තර සහ ගොවි බිම් අක්කර දහස් ගණනක් බදු දීම නිසා ඇති වී තිබෙන ගැටලු. (කෙසෙල් වගාව ඇතුළුව)









සිංහරාජය වැනසීම - සූර්යකන්ද හා ආරණ්‍ය ප‍්‍රදේශයේ සිංහරාජයට අයත් අක්කර 20කට වැඩි ප‍්‍රමාණයක පිහිනුම් තටාකයක් සෑදීම හා සිංහරාජ රක්ෂිත මායිමෙන් කිලෝමීටර හයක් පමණ දුරට පොතුපිටිය හරහා ඉඹුලූකන්ද දක්වා මාර්ගයක් ඉදිකිරීම නිසා ඇති වන බලපෑම් (ඡායාරූපය හා සිතියම බලන්න)








කෝකිලායි දැව ජාවාරම - කෝකිලායි කලපුවට බටහිරින් ඇලැඹ වැව ගම්මානයට උතුරු ප‍්‍රදේශයේ අක්කර එකසිය පනහක පමණ භූමි භාගයක දැව රාජ්‍ය දැව සංස්ථාව මගින් කපා ඉවත් කොට ඇති අතර එම දැව ප‍්‍රවාහනය කරමින් සිටියදී හරිත ව්‍යාපාරය විසින් ලබා දුන් තොරතුරු අනුව වන සංරක්ෂණ දෙපාර්තමේනතුව විසින් ලොරි 5ක් අත්අඩංගුවට පත්වීම හා ඉන් පසු සිදුවූ සිදවීම්.







පටපිලිකන්දේ අනවසර ඉදිකිරීම - ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරය විසින් 2003 වර්ෂයේ සිට ශ්‍රේෂ්ඨාධිකරනයේ සහ අභියාචනාධිකරණයේ ගෙනගිය පැමිණිලි අවසන්ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්පත් කර ගත් පටපිලිකන්දේ අනවසර දේපොළ නැවත ලබා ගැනීමේ සැලසුම හා පාරිසරික දැනුම ලබාගැනීමේ පුහුණු මධ්‍යස්ථානයක් වැනි කටයුක්තක් සදහා යොදවන ලෙස ඉල්ලීම. 










රට පුරා හෝටල් වෙනුවෙන් ඉඩම් මංකොල්ලය - රට පුරා හෝටල් වෙනුවෙන් ඉඩම් මංකොල්ලය පිළිබඳව.


නකල්ස් වනාන්තරයේ එන්සහල් වගාකරුවන්ට තර්ජනයක් - නකල්ස් වනාන්තරයෙන් ඉවත් කරන එන්සහල් වගාකරුවන්ට ෆයිනස් බිම් වල ස්ථාපිත කිරීමට ගැටලු ඇති වී තිබීම.


අලි - මිනිස් ගැටුම වර්ධනය කිරීම - මේ වන විට යෝජනා වී ඇති දකුනේ අලි 200ක් ලූණුගම්වෙහෙරට පලවා හැරීමත්, අනුරාධපුරයෙන් විල්පත්තුවට අලි පලවා හැරීමත් නිසා ඇති විය හැකි බලපෑම් පිළිබඳව.  

No comments:

Post a Comment